ICC ය වසරේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නම් කරයි

අයි.සී.සී. වාර්ෂික (2015/16) ක්‍රිකට්‌ සම්මාන උළෙලේ වසරේ ටෙස්‌ට්‌ ක්‍රීඩකයා මෙන්ම වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා සම්මානය ඉන්දියාවේ රවීචන්ද්‍රන් අශ්වින්ට හිමි වෙද්දී ශ්‍රී ලංකාවේ සුපිරි දග පන්දු යවන්නා වන රංගන හේරත් ලෝක ටෙස්‌ට්‌ කණ්‌ඩායමට නම් කෙරුණි.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය මගින් වාර්ෂිකව පිරිනමන ලද අදාළ සම්මාන උළෙලේදී වසරේ ප්‍රධානම සම්මාන දෙකක්‌ ඉන්දියානු ක්‍රීඩකයකුට හිමි වූ තෙවැනි අවස්‌ථාවද මෙය වේ. අශ්වින්ට පෙර අදාළ සම්මාන ද්විත්වය ලබා ගැනීමට සචින් ටෙන්ඩුල්කාර් සහ රාහුල් ඩ්‍රාවිඩ් සමත්ව තිබේ.


රවීචන්චන්ද්‍ර අශ්වින් මාස 12 ක්‌ තුළදී ටෙස්‌ට්‌ තරග 12 කදී කඩුලු 72 ක්‌ සහ පිතිකරුවකු ලෙස ලකුණු 612 ක්‌ රැස්‌ කිරීම හේතුවෙන් අදාළ සම්මාන ද්විත්වය සඳහා නම් කෙරුණි. ඒ අනුව ඔහුට වසරේ ක්‍රිකට්‌ ක්‍රීඩකයා ලෙස ශ්‍රීමත් ගාµSල්ඩ් සෝබර්ස්‌ සම්මානය හිමිවිය.

වසරේ එක්‌දින ක්‍රීඩකයා ලෙස දකුණු අප්‍රිකාවේ ක්‌යින්ටන් ඩී කොක්‌ සම්මාන ලැබු අතර ඔහු අවසන් වරට සහභාගි වු එක්‌දින තරග 22 කදී ලකුණු 1175 ක්‌ ලබා තිබේ. වසරේ විස්‌සයි විස්‌ස ක්‍රීඩකයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්‌ඩායමට විස්‌සයි විස්‌ස ලෝක ශූරතාව දිනා දීමට අවසන් මහා තරගයේදී පන්දු 10 කදී ලකුණු 34 ක්‌ රැස්‌ කළ කාර්ලෝස්‌ බ්‍රැත්වෙයිට්‌ නම් කෙරුණි.

බංග්ලාදේශයේ මස්‌ට්‌µsකර් රහමන් නැගී එන ක්‍රීඩකයා ලෙසත් ජීවගුණය හිමි සම්මානය පකිස්‌තානයේ මිස්‌බා උල්හක්‌ටත් හිමිවූ අතර වසරේ හොඳම ක්‍රිකට්‌ විනිසුරුවා ලෙස ඩේවිඩ් ෂෙපඩ් සම්මානය මොරිස්‌ එමර්සන් විනිසුරුවාට හිමිවිය.

ලෝක ටෙස්‌ට්‌ පිලට හේරත්ව නම් කරයි

ඩේවිඩ් වෝනර්, ඇලිස්‌ටයාර් කුක්‌ (නායක), කෙන් විලියම්ස්‌, ජෝ රූට්‌, ඇඩම් වෝග්, ජොනී බෙයාස්‌ටෝ, බෙන් ස්‌ටොක්‌ස්‌, රවීචන්ද්‍රන් අශ්වීන්, රංගන හේරත්, මිචෙල් ස්‌ටාක්‌, ඩේල් ස්‌ටේන්, ස්‌ටීවන් ස්‌මිත් (අතිරේක)

ලෝක එක්‌දින කණ්‌ඩායම

ඩේවිඩ් වෝනර්, ක්‌යිටන් ඩී කොක්‌, රෝහිත් ෂර්මා, විරාට්‌ කෝලි, ඒ.බී. ඩිවිලියර්ස්‌, ජෝස්‌ බට්‌ලර්, මිචෙල් මාර්ෂ්, රවීන්ද්‍ර ජදේජා, මිචෙල් ස්‌ටාක්‌, කාගිෂෝ රබඩා, සුනිල් නාරයන්, ඉම්රාන් තහීර්