
පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් කරනු ලබන විමර්ශනයකදී ඒ බව හෙළිවී ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
එම දේපොළ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා පසුගිය දිනවල ඕස්ට්‍රේලියාවටද ගොස් තිබිණි.
එහිදී එම ලේකම්වරයාට අයත් බව සඳහන් ඕස්ට්‍රේලියාවේ ඇති නිවාස හතරක්ද හඳුනාගෙන තිබේ.
එකී ලේකම්වරයා එම දේපොල මිලදීගෙන ඇත්තේ අදාළ අමාත්‍යාංශය යටතේ පසුගිය රජය සමයේ ආරම්භ කළ දැවැන්ත ව්‍යාපෘතියක් යන අතර බවද අනාවරණය වී ඇත.
ඕස්ට්‍රේලියාවේ ඇති දේපොළවලට අමතරව එම ලේකම්වරයා සතුව කොළඹ නාවල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 100ක් වටිනා ඉඩමක් ඇති බව අනාවරණය වී තිබේ. එම ඉඩම මේ වන විට අධිකරණ නියෝගයකින් තහනම් කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.