උඩින් පාර්ලිමේන්තු එන ඇමතිවරු මෙන්න

ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටර්වලින් බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. ජාතික පුවත්පතකට අදහස් දක්වමින් ඔහු මේ බව පවසන්නේ මන්ත්‍රීවරුන්ට ලැබෙන දීමනා සහ වරප්‍රසසාද සම්බන්ධයෙන් අදහස් දක්වමනි.

ඔහු එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ සැප වාහන ප්‍රතික්ෂේප කර ඇත්තේ තමාත්, ආචාර්ය හර්ෂ ද සිල්වාත් පාලිත තෙවරප්පරෙුම යන නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාත් පමණක් බවය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජැකලින්ගේ නවතම විලාසිතාව Photos

ශ්‍රී ලංකාවෙන් බිහිවූ බොලිවුඩ් රැජින, ජැකලින් ෆර්නැන්ඩස් ගැන දැන් කාගේත් අවධානය යොමුවෙලානේ ඉන්නේ. ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි "කෙල්ලන්ට ඕනේ විනෝදේ විතරයි" කියලා සටහනක් දාලා පින්තූර කිහිපයක් එක්කර තිබුණා.


එම ඡායාරූපවල වෙනස් ආකාරයේ විලාසිතාවක් ද ඇය විසින් ප්‍රදර්ශනය කරලා තියෙනවා.

පුංචි ඡන්දය කොට්‌ඨාස ක්‍රමයට මැයි මාසයේ

ඉදිරි පළාත් පාලන මැතිවරණය ලබන මැයි මාසයේදී කොට්‌ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් හා දිස්‌ත්‍රික්‌ සංවිධායකවරුන් හමුවේ ඊයේ (20 වැනිදා) ප්‍රකාශ කර තිබේ.

ඊට අදාළ ගැසට්‌ නිවේදනය ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කරන බවත් කොළඹ පදනම් ආයතනයේදී ඊයේ පැවැති එම හමුවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

වසර කෝටි 200 ක්‌ පැරණි ජලය සොයා ගනී

වසර කෝටි 200 ක්‌ පැරැණි ජල මූලාශ්‍රයකට අයත් ජලය හඳුනා ගැනීමට කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක්‌ සමත්වී ඇත.

භූ කැණීම් සිදුකරන ආයතන විසින් කිලෝ මීටර් 3 ක්‌ ගැඹුරට පොළොව හාරා මෙම ජල මූලාශ්‍රය සොයාගෙන තිබේ.මෙම ජල මූලාශ්‍රය දැනට ලොව සොයාගත් පැරැණිතම ජල මූලාශ්‍රය බව විද්‍යාඥයෝ සඳහන් කරති.

ඉරණවිල "ඇමරිකානු හඬ" වසා දැමේ

voice of america iranawila sri lanka
මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ මහත් ආන්දොලනයකට තුඩුදී තිබූ ඉරණවිල වොයිස්‌ ඔෆ් ඇමරිකා නමැති සම්ප්‍රෙෂණ මධ්‍යස්‌ථානය වසා දැමීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.

1993 වසරේ ඉදිකළ මෙම ඇමරිකානු සම්ප්‍රෙෂණ මධ්‍යස්‌ථානය අක්‌කර 500 ක භූමි ප්‍රදේශයක ක්‍රියාත්මක විය. ඇමරිකානු රජය යටතේ පාලනය වූ මෙම සම්ප්‍රෙෂණ මධ්‍යස්‌ථානයට තානාපති මුක්‌තිය හිමිවීම නිසා මෙරට ආරක්‌ෂක අංශවලටද එම ස්‌ථානය තහනම් කලාපයක්‌ වී තිබුණි.