තැපැල් සේවය තුළ ඊයේ (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක පැය 48ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් අද (20) සහ හෙට (21) රටපුරා සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල වසා දැමෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ නව කැඳවුම්කරු එස්.එච්. කාරියවසම් මහතා පැවසීය.
මෙම අරගලය සඳහා රට පුරා සිටින තැපැල් සේවකයින් 21,000කට වැඩි පිරිසක් සහභාගි වී සිටිති. මෙරට ප්‍රධාන තැපැල් කාර්යාල 658ක් පවතින අතර රටේ ඇති උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි. මෙම වෘත්තීය අරගලය හෙට (21) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුව ද මෙම වෘත්තීය අරගලයෙන් පසුව දින 14ක කාලය තුළ නිසි විසඳුම් නොලැබෙන්නේ නම් අඛණ්ඩ අරගලයකට යන බව හෙතෙම සඳහන් කළේය.




