වෙබ් අඩවිවලට නව නීති

රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන අයුරින් පවත්වාගෙන යන සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව නව නීති සකස් කිරීමට රජය තීරණය කර තිබේ. 

සයිබර් අවකාශයේ ක්‍රියාත්මක වන වෙබ් අඩවිවලට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය නීති රීති පනතක් මගින් ගෙනඑන මෙම නව නීති රීති අනුව සමාජ ජාල වෙබ් අඩවිවලට එරෙහිව පියවර ගැනෙන්නේ ඊට අන්තර්ජාල පහසුකම සපයන මෙරට පිහිටි දුරකථන සමාගම හරහාය. 

නාවික හමුදාපතිට සේවා දිගුවක් නැහැ

මාගම්පුර වරායේ සිරකරගෙන සිටි නැව් දෙකක් මුදාගැනීමට ක්‍රියාකිරීමේදී මාධ්‍යවේදියෙකුට පහරදීමත් සමග රටේ කතාබහට ලක්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාට සේවා දිගුවක් ලබා නොදීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් දෙපළ විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ තීරණය ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. නාවික හමුදාපතිවරයා ලෙස රවින්ද්‍ර විජේගුණරත්න මහතා 2015 ජූලි 11දා වැඩභාර ගත් අතර ඒ මහතා ලබන වසරේ පෙබරවාරි 22දා විශ්‍රාම යෑමට නියමිතය. නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණරත්න මහතා වෙත සේවා දිගුවක් ලබා නොදුන්නද ඔහුට වෙනත් ඉහළ තනතුරක් ලබාදීමට ද රජය තීරණය කරතිබේ.

ෆෙංෂුයි විද්‍යාව අනුව සිහින පලාඵල

හදිසි අනතුරු

මෙවන් සිහිනයක්‌ දැකීමේ අර්ථය වනුයේ ඔබගේ අවධානය ඔබ නොසිතන දෙයකට යොමුකළ යුතුව ඇති බවයි. උදාහරණ ලෙස සිහිනයෙන් දුටුවේ තමන්ව හදිසි අනතුරකට ලක්‌වෙනවා නම්, එය ඔබේ ශරීරයේ ආබාධයක්‌ ඉ`ගි කරයි. වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌වීම නුවණට හුරුයි.

උදාවන සතියේ ඔබේ දෛවය

මේෂ

සඳු හතරවැන්නේත් කුජ එකොලොස්‌වැන්නේත් රවි බුධ නමවැන්නේත් ගමන් කරමින් ආරම්භවන මෙම සතිය ඔබට මිශ්‍රඵලදායක බව පෙනේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකි වේ. කෘෂිකාර්මික කටයුතු වලින් ලාබ ලැබේ. මව්පියන්ට ශුභපලදායකයි. බිරිඳ හෝ සැමියාගේ රැකියා දියුණුවට කටයුතු යෙදේ. උසස්‌ අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක දියුණුවක්‌ ලැබේ. අලුත් හිතමිතුරන් හඳුනාගැනීමට අවස්‌ථාව උදාවේ. හිතේ සැනසීම ඇතිවේ. ආදායම සතුටුදායකයි. සෙනසුරු අටවැන්නේ ගමන් කරන නිසා රැකියා හා ව්‍යාපාර අංශ වල සේවක ගැටළු ඇතිවීමට ද ඉඩ තිබේ. සෙම් රෝග වැනි අසනීප තත්වයන් මතුවිය හැකි බැවින් ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න.

පිළිකා උවදුරින් බේරෙන හැටි

වත්මන් සමාජය මුහුණ දෙන ප්‍රබල අර්බුදයක් වන පිළිකා හැදීමට හේතු මොනවාද? ඒ ගැන ගැඹුරින් විමසා බැලීම වටී. කාර්මීකරණයත්, හරිත විප්ලවයත් හේතුකොටගෙන පිළිකා ඇතුළු බෝ නොවන රෝග ගණනාවකින් අප සමාජය වෙළී ඇති බව නම් පැහැදිලිය. විශේෂයෙන් අපේ ආහාර රටාව මෙන්ම අවම පරිසරය ද එදිනෙදා ජීවන පැවැත්ම ද මෙම රෝග තත්ත්වයන්ට ඉඩහසර සලසන බව නම් පැහැදිලිය.