අධික තරබාරුව මට්‌ටු කරන හැටි

තරබාරු පුද්ගලයකුට තම සිරුරේ බර ඉතා ඉක්‌මනින් අඩු කරගත හැකි ප්‍රතිකාරයක්‌ ඇත්නම් එම තැනැත්තා වහාම එම ප්‍රතිකාරය සඳහා යොමුවනු ඇත.

නමුත් ගැටලුව වී ඇත්තේ එවැනි ප්‍රතිකාර ක්‍රම නොමැතිකමය.

තරබාරු අයකු හඳුනා ගන්නේ කෙසේද?

විමල් පරීක්ෂණ මඟහරින බවට පොලිසියෙන් චෝදනා

විමල් වීරවංශ මන්ත්‍රීවරයා පොලිස් පරීක්ෂණවලට සහය දීම හිතාමතාම ප්‍රමාද කරමින් සිටින බවට පොලිසිය චෝදනා කරයි.

ඒ, අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දැක්වීමක් කරමිනි.

රජයේ වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණෙන මෙන් දැනුම් දෙන දිනවල ජාතික නිදහස් පෙරමුණේ නායකයා නිසියාකාරව පෙනී නොසිටින හේතුවෙන් ලෙසින් අදාළ පරීක්ෂණ කටයුතු අවසන් කර ගැනීමට නොහැකි බැවින් නීතිපතිවරයා වෙත පරීක්ෂණ ගොනු යැවීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන බව පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.

'නන්දිකඩාල් වීරයා සිසුවකුට තර්ජන කරලා'

'රණබිම ඔස්සේ නන්දිකඩාල්' නම් කෘතියක් ලියූ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න විසින් දෙසැම්බර් 14 වනදා සාමාන්‍ය පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ලියා පාසල අසල විවේකීව සිටි කොළඹ ඞී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුවකුගේ කමිසයෙන් ඇඳ පහරදීමට උත්සාහ කර තර්ජනය කර ඇතැයි 'රාවය' පුවත්පත වාර්තා කරයි.

පහර කෑමට ලක් වූ සිසුවා පුවත්පතට පවසා ඇත්තේ, මීට සති කිහිපයකට පෙර තමන්ගේ මිතුරු කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් අතර ගැටුමක් හට ගත් බවත් පසුව එම කණ්ඩායමේ සිසුවකු තමන්ට විරුද්ධව පොලීසියේ පැමිණිලි කළ බවත්ය.

Google සිංහල කතා කරයි

ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය භාවිත කරන්නට ඉංග්‍රීසි යෙදුම සිංහල තේරුමද සහිතව සිංහල භාෂාවෙන්ම සංවන්දීමේ අවස්ථාව එම සාමාගම විසින් මේ වන විට උදාකර දී තිබෙනවා.

ඒ අනුව ඉංග්‍රීසි හා සිංහල භාෂා පරිවර්තනයේදි මෙය බොහෝ පිරිසකට උපකාරී වනු ඇත. ගූගල් සෙවුම් යන්ත්‍රය මීට ඉහතදී සිංහල යෙදුමට සවන්දීමේ අවස්ථාව උදාකර දී නොතිබුණි.

තිස්සට දුව බැලීමට ඕස්ට්‍රේලියා යන්න බෑ

කූට ලේඛන සැකසී යැයි කියන චෝදනාවට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු මන්ත්‍රී තිස්ස අත්තනායක දෙසැම්බර් 25 වැනි දා සිට ජනවාරි 13 වැනි දා දක්වා තම දුව බැලීමට ඕස්ට්‍රේලියා යාමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධනගේ නියෝගයකට අනුවයි.නීතිපති විසින් එම ඉල්ලීමට අවසර ලබා දී නැත්තේ අදාළ ඉල්ලීමට විශේෂ හේතුවක් නොවන නිසාත් මාර්තු මස සිට නඩුව දිනපතා විභාග වන නිසාත් බව ද සදහන්.