Google සිංහල කතා කරයි

ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රය භාවිත කරන්නට ඉංග්‍රීසි යෙදුම සිංහල තේරුමද සහිතව සිංහල භාෂාවෙන්ම සංවන්දීමේ අවස්ථාව එම සාමාගම විසින් මේ වන විට උදාකර දී තිබෙනවා.

ඒ අනුව ඉංග්‍රීසි හා සිංහල භාෂා පරිවර්තනයේදි මෙය බොහෝ පිරිසකට උපකාරී වනු ඇත. ගූගල් සෙවුම් යන්ත්‍රය මීට ඉහතදී සිංහල යෙදුමට සවන්දීමේ අවස්ථාව උදාකර දී නොතිබුණි.

උදාහරණයක් ලෙස ගත්විට 'We are Sri lankan' යන්න ගූගල් Translate හි යතුරු ලියනය කළ විට එයට අදාළ සිංහල තේරුම වන 'අපි ශ්‍රී ලාංකිකයන්' වේ යන්න පෙන්වන අතරම එයට සවන්දීමටත් හැකියාව ලැබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මේ හරහා විශාල පහසුවක් සැලසෙයි.
https://translate.google.com/#en/si/Hello%20Sri%20Lanka