හම්බන්තොට මාගම්පුර වරායේ සත්‍යග්‍රහයේ නිරත සේවකයින් අද (15) පස්වරු 2.00ට පෙර සේවයට වාර්තා නොකළහොත් ඔවුන් සේවය අතහැර ගියාසේ සලකා කටයුතු කරන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
මාගම්පුර වරාය කළමනාකරණ සමාගමට අයත් මෙම සේවකයින් සියලු දෙනා උද්ඝෝෂණය නතරකොට අද (15) පස්වරු 2.00 පමණ වන විට සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු බවට එම සමාගම විසින් ද ඊයේ (14) නිවේදනයක් නිකුත් කර ඇත.



