ශ්‍රී පාද වන්දනා සමය අදින් ඇරැඹේ

සමන්දේව ප්‍රතිමාව, ආභරණ සහ සධාතුක කරඬුව රැගත් පෙරහැර ගල්පොත්තාවෙල රජමහා විහාරස්‌ථානයේ සිට ඊයේ (12දා) බලන්ගොඩ පින්නවල බගවන්තලාව මාර්ගය ඔස්‌සේ ශ්‍රීපාද මථව වෙත ගමන් කළ අවස්‌ථාව.
බලන්ගොඩ අතිරේක - හර්බට්‌ චින්තාමනි, රත්නපුර - අසිත ඉන්දික

නුවරඑළිය- නාලක රත්නායක

ලොව උසම නත්තල් ගස නැවතත් ඉදිකෙරේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත නවතා දමා තිබූ ලොව ලොකුම නත්තල් ගස අද (12දා) නැවත ඉදිකිරීම ආරම්භ කර තිබේ.

කාදිනල් මැල්කම් රංජිත් පියතුමා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇත.

ෂාරුක්ගෙයි සනීගෙයි අලුත්ම වීඩියෝ එක

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන් ශාරුක්ඛාන් හා චිත්‍රපටයක් රඟපාන්න ආශාවෙන්නේ හිටියේ. ඇයගේ ඒ හීනය දැන් හැබෑ වෙලා තියෙනවා.
ලබන ජනවාරි 26වනදා ඉන්දියාවේදී ශාරුක් ,සනී රඟපෑ චිත්‍රපටය කරලියට පැමිණෙනවා.

සනී ලියොන් මෙම චිත්‍රපටයේ ලයිලා නමැති චරිතයට පණ පොවා තිබෙනවා.

සීනි පාලනය කරන්නේ මෙහෙමයි

සීනි සහිත ආහාර පාලනයකින් යුතුව ගැනීම දියවැඩියාව ඇති නැති කාටත් ඉතා වැදගත් . එහෙත් ගැටලුව, සීනි සහිත කෑමවල ඇති රසය ගැන මතකයට නැඟෙන විට, එවැනි ආහාරවලින් වැළකී සිටින්නේ කෙසේද යන්න පිළිබඳයි.

මිනිසා, සීනිවලට ඇබ්බැහි වන බව වෛද්‍යවරු පවසති. ඒ කරණා කවරක් වුවත්, දීර්ඝ කාලීන සුවය අප කාටත් වැදගත් ය. එනිසා සීනි සහිත ආහාර අපේ කෑම වේල්වලින් අමාරුවෙන් වුවත් ඈත් කිරීම ගැන කවුරු කවුරුත් සිතා බැලිය යුතුව ඇත. සීනි සහිත ආහාර මඟ හැරීම සඳහා ඔබට පහසුවෙන් කළ හැකි දේ කිහිපයකි.

මිනිසුන් වැඩිපුරම මැරෙන හේතු

විවිධ හේතු නිසා මිනිසුන් මිය යන බව සැබෑවකි. එහෙත්, මිනිසුන් වැඩිපුරම මිය යන්නේ කුමන කාරණා නිසාදැයි කියා ඔබ කිසියම් දිනයෙක සිතුවාද? ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරන ආකාරයට ලෝකයේ සිදුවන මනුෂ්‍ය මරණවලින් 68%කටම හේතු වී තිබෙන්නේ බෝ නොවන රෝග ය. එහිලා වඩාත් කැපී පෙනෙන්නේ හෘදයාබාධ, පිළිකා, දියවැඩියාව සහ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව බව වාර්තා වේ.