ෂාරුක්ගෙයි සනීගෙයි අලුත්ම වීඩියෝ එක

ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි සනී ලියොන් ශාරුක්ඛාන් හා චිත්‍රපටයක් රඟපාන්න ආශාවෙන්නේ හිටියේ. ඇයගේ ඒ හීනය දැන් හැබෑ වෙලා තියෙනවා.
ලබන ජනවාරි 26වනදා ඉන්දියාවේදී ශාරුක් ,සනී රඟපෑ චිත්‍රපටය කරලියට පැමිණෙනවා.

සනී ලියොන් මෙම චිත්‍රපටයේ ලයිලා නමැති චරිතයට පණ පොවා තිබෙනවා.

චිත්‍රපටයේ නම තමයි ‘Raees‘. එහි පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය මේ වන විට අන්තර්ජාලයට මුදා හැරලයි තියෙන්නේ.

පූර්ව ප්‍රචාරක දැන්වීම් පටය අන්තර්ජාලයට නිකුත් කර පැය 20ක් යන්නට මත්තෙන් මිලියන 10කට අධික පිරිසක් නරඹා තිබෙනවා. ඉන්දියානු චිත්‍රපටයක ඉතා කෙටි කාලයකින් වැඩිම පිරිසක් නැරඹු චිත්‍රපටය මෙයයි.

ඇයගේ රංගනය පිළිබඳ ශාරුක් ඛාන් පවසා ඇත්තේ ‘ඇය සමඟ හොදින් වැඩ කරන්න පුළුවන් වුණා. ඒ චරිතය ඇයට මනාව ගැළපුණා. දින 04ක් තිස්සේ චිත්‍රපටයේ රූගත කිරීම් කළා.