අගමැති පුටුවේ අද රනිල් ඉන්නෙ මම නිසා

ඉකුත් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්වී සෞඛ්‍ය ඇමැති ධුරය ලබාගත් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තනායක අලුතෙන් පිහිටුවාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වීමේ සූදානමක් තිබෙන බවට ඇතිවී ඇති කතාබහ ගැනත් තවත් දේශපාලන කාරණා පිළිබඳවත් කළ සාකච්ඡාවකි.

සිදුවෙන දේවල්වල හැටියට හිතෙන්නෙ නැද්ද එජාපයෙම හිටිය නම් හොඳයි කියල?

ඇත්තටම කිසිම පසුතැවීමක් නැහැ. මම එක්සත් ජාතික පක්‍ෂය ගොඩනඟන්න බැරෑරුම් අවස්ථාවල වැඩ කළ කෙනෙක්. ඒ වගේම මම බය නැතුව කියනව අද රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති පුටුවෙ වාඩි වෙලා ඉන්නෙ එදා මම එතුමා ආරක්‍ෂා කර ගන්න කටයුතු කළ නිසයි. පක්ෂයේ නායකත්වයට විරුද්ධව වරින් වර ගැටුම් ඇති වුණු අවස්ථාවල මම එතුමා ආරක්ෂා නොකළා නම් එතුමාට නායකත්වයෙන් යන්න සිදු වෙනවා.

හෙලිකොප්ටරය O/L විභාග මධ්‍යස්ථානයකට ගොඩබස්සලා

කතානායක, විපක්ෂනායක සමඟ අමාත්‍යවරුන් පිරිසක් ගමන් කළ හෙලිකොප්ටරයක් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූ විභාග මධ්‍යස්ථානයක් වූ පේසාලෙයි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයකට ගොඩ බැස්වීම හේතුවෙන් පෙරේදා (7දා) විභාගය වෙනුවෙන් පෙනී සිටි දරුවන් මහත් අපහසුතාවට පත්වූ බැව් ප්‍රදේශවාසීහු පවසති.

සිරොසිස් වළක්වා ගන්න බෙහෙත්


ජීවිතයේ පැවැත්මට බොහෝ දේ අත්‍යවශ්‍යයි.මේ පැවැත්ම සඳහා අපගේ ශරිරයේ බෝහෝ ක්‍රියාකරකම් සිදු කිරිමට අභ්‍යන්තර අවයව සිදු කරනුයේ මහගු මෙහෙයකි.අක්මාවද එසේ බොහෝ කාර්යන් සිදු කරන ශරිරයේ පවතින විශාලතම අවයවයකි.මේ අනුව සිරුරේ පැවැත්ම සඳහා අක්මාවෙන් සිදුවන කාර්යන් බොහෝ ඇත.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් දෙදෙනකුට රජයෙන් නඩු

‘ටොප් ටෙන්’ නමින් හඳුන්වමින් ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එරෙහිව අසත්‍ය චෝදනා නැගූ බව කියන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට එරෙහිව නඩු පැවරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ අසත්‍ය චෝදනා ගොනු කළැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකුට එරෙහිව මෙලෙස නඩු පැවරීමට තීරණය වී ඇත.

ජයලලිතා නිසා 77ක් මියයති

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාගේ අභාවයෙන් කම්පාවට පත් වුණු පුද්ගලයන් 77 දෙනෙකු මේ වන විට මරණයට පත්වී ඇති බව එරට පුවත් සේවා වාර්තා කරයි.

ජයලලිතා ජීවිතක්ෂයට පත්වුණු බව අසා සියදිවිනසාගත් පුද්ගලයන්ට අමතරව ඇය බරපතල ලෙස රෝගාතුර වුණු බව හා ඇය මරණයට පත් වුණු බව දැන කම්පනයට පත්වීමෙන් එම මරණ සිදුවී ඇත.