ඉකුත් ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වී සෞඛ්‍ය ඇමැති ධුරය ලබාගත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන තිස්ස අත්තනායක අලුතෙන් පිහිටුවාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වීමේ සූදානමක් තිබෙන බවට ඇතිවී ඇති කතාබහ ගැනත් තවත් දේශපාලන කාරණා පිළිබඳවත් කළ සාකච්ඡාවකි.
සිදුවෙන දේවල්වල හැටියට හිතෙන්නෙ නැද්ද එජාපයෙම හිටිය නම් හොඳයි කියල?
ඇත්තටම කිසිම පසුතැවීමක් නැහැ. මම එක්සත් ජාතික පක්ෂය ගොඩනඟන්න බැරෑරුම් අවස්ථාවල වැඩ කළ කෙනෙක්. ඒ වගේම මම බය නැතුව කියනව අද රනිල් වික්‍රමසිංහ මහත්තය අගමැති පුටුවෙ වාඩි වෙලා ඉන්නෙ එදා මම එතුමා ආරක්ෂා කර ගන්න කටයුතු කළ නිසයි. පක්ෂයේ නායකත්වයට විරුද්ධව වරින් වර ගැටුම් ඇති වුණු අවස්ථාවල මම එතුමා ආරක්ෂා නොකළා නම් එතුමාට නායකත්වයෙන් යන්න සිදු වෙනවා.




