ඥනසාර හිමිට නොතීසි

මාලබේ තලාහේන කල්වරි පල්ලියට අලාභ හානි සිදු කිරීම, පුද්ගලයින් දෙදෙනෙකුගේ රත්‍රන් මාල සොරකම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඥානසාර හිමි ඇතුළු පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරූ නඩුවකින් 2014 අප්‍රේල් දෙවැනි දා වගඋත්තරකරුවෝ නිදොස්කොට නිදහස් කරනු ලැබු තීන්දුවට එරෙහිව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ගොස් තිබේ.

ඒ අනුව නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සමේ වගඋත්තරකාර ඥානසාර හිමි ඇතුළු පිරිසට ලබන වසරේ ජනවාරි 20 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය විසින් අද නොතීසි නිකුත් කළේය.

අබ්දුල් රසීක් යළි රිමාන්ඩ්

තවුහිත් ජමාද් නමැති සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් දෙසැම්බර් 9 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ මාළිගාවත්තේ පැවැති උද්ඝෝෂණයකදී බුදු දහමට නිගා කිරීම යන චෝදනාව මතයි.

මන්ත්‍රිවරුන්ගේ අතේ වියදමට ලක්ෂයක්

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුනට රුපියල් ලක්ෂයක වෙනම දීමනාවක් ගෙවීමට යෝජනා වී තිබේ.

මේ දීමනාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කෙළේ මන්ත්‍රිවරුන්ට රුපියල් ලක්ෂයක් දෙන බවට යෝජනා කර තිබෙන්නේ තම ඡන්ද දායකයන් සමඟ සිදුකරන වැඩ කටයුතුවලට වියදම් කිරීමට මිස ගෙදර කටයුතුවලට වියදම් කිරීමට නොවන බවයි.

අර්ශස් රෝගයෙන් අත්මිදෙමු


“සීයේ තුවාලය හොඳටම පැසවලා..... දැං බෙහෙත් දාන්න වෙනවා! වේදනාව වැඩිත් ඇති.”

ව්‍යාජ නාමල් අත්අඩංගුවට ගැනිමට නියෝග

ව්‍යාජ නාමල් අත්අඩංගුවට ගැනිමට නියෝග
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් නාමල් රාජපක්‍ෂ මහතා ලෙස හදුන්වා ගනිමින් හිටපු ගුවන් හමුදාපති හර්ෂ අබේවික‍්‍රම මහතාට ඇමතුමක් ලබා දුන්නේ යැයි කියන සිද්ධියේ සැකකරු වන අම්පාර නගර සභාවේ හිටපු සභාපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ගිහාන් පිළපිටිය මහතා අද (28දා) නියම කළේය.

මේ සම්බන්ධයෙන් පනවා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඊට ඉදිරිපත් නොවීම නිසා සැකකරු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහෙස්ත‍්‍රාත්වරයා නියම කළේය.