අබ්දුල් රසීක් යළි රිමාන්ඩ්

තවුහිත් ජමාද් නමැති සංවිධානයේ ලේකම් අබ්දුල් රසීක් දෙසැම්බර් 9 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.

ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ මාළිගාවත්තේ පැවැති උද්ඝෝෂණයකදී බුදු දහමට නිගා කිරීම යන චෝදනාව මතයි.