අර්ශස් රෝගයෙන් අත්මිදෙමු


“සීයේ තුවාලය හොඳටම පැසවලා..... දැං බෙහෙත් දාන්න වෙනවා! වේදනාව වැඩිත් ඇති.”

ගුද මාර්ගයෙන් ලේ පිටවීම නිසා දැඩි අපහසුවට පත් මාටින් ආතා සිය මිනිපිරිය සමඟින් රත්නපුර ආයුර්වේද රෝහලට පැමිණියේ ලේ පිටවීම ගැන බයවීම නිසාය. මීට පෙර එලෙස ලේ නොගිය නිසා තැති ගැන්මකට පත්ව, වෛද්‍යවරයා එසේ පැවසූ පසු සිතුවේ තුවාලයෙන් ලේ යන්නට ඇති කියායි.

තුවාල වූයේ ඇයි.....? ගුද මාර්ගයේ මෙවැනි ගැටළු ඇතිවෙනවාද...? ජීවිතයේ දෛනික කටයුතු සිදුකරන්නේ කොහොමද....? මෙවැනි ගැටලු දැන් ඔබටද හැඟෙනවා ඇති. ගුද මාර්ගය ආශි‍්‍රතව මෙවැනි රෝග හටගන්නේ කොහොමද? මේ සඳහා ගුදය ආශි‍්‍රතව පවතින සුදුසුම ගැටලු කිහිපයක් විමසා බැලීම සඳහා යොමුවූයේ රත්නපුර ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් සෙනෙවිරත්න වෙතයි.

අර්ශස් ගුද මාර්ගය ඇසුරුකොට හටගන්නා රෝග තත්ත්වයක්. මේ සඳහා ආහාර ජීරණ පද්ධතියේ බලපෑම ප්‍රධානවම ඉවහල් වේ. අර්ශස් රෝගය මානව වර්ගයා බෙහෙවින් පීඩාවෙන් පෙළෙන රෝග තත්ත්වයක්.

ආයුර්වේදයේ මහා රෝගවලින් එකක් ලෙසද හැඳින්වෙන අර්ශස් මහා රෝග යටතේ මෙය දක්වා ඇත්තේ ස්ථීර කාලීන මෙන්ම දුෂ්චිකිත්සාව හෙවත් ප්‍රතිකාරයට අපහසු රෝගයක් ලෙසයි. සංකූලතා දැක්වීම බෙහෙවින්ම වැඩි ප්‍රවණතාවයක් දැක්වෙන ගුදයේ ගෙඩි හටගැනීම, ගුදයේ ඉඳිමීම, ලේ වැගිරීම වැනි තත්ත්ව යටතේ අර්ශස් රෝගය ඇතිවේ. ගුදය ප්‍රධාන වශයෙන් එකිනෙකට වෙනස් වූ ක්‍රියාවන් වෙනස් වූ මාංශමය ස්ථර 3 කින් සමන්විතයි. මේවා ගුදවලි ලෙසින් හඳුන්වයි. ඒවා ප්‍රවාහනී, විසර්ජනී හා සංවරණී වේ.

ගුද රෝග හටගන්නා ආකාරය

අප ගන්නා ආහාරවල පවතින අසමතුලිතතාවය, විෂම ආහාර හා වැරදි විහරණය විධි නිසා මෙවැනි රෝග තත්ත්ව හටගැනේ. ඒ අනුව රෝග හටගැනීමට පහත හේතු ප්‍රධානවම බලපානු ලබයි.

* උෂ්ණාධික ආහාර ගැනීම (උදා, ඉස්සො, දැල්ලෝ, බලමාළු, තක්කාලි, සෝස් වර්ග, අන්නාසි, විනාකිරි, සැමන්, අච්චාරු, හරක්මස්, දෙල්)

* මිරිස් සහිත ආහාර දීර්ඝ කාලීනව වැඩිපුර ගැනීම

* පාන් පිටි සහිත ආහාර ගැනීම (උදා, පේස්ටි වර්ග, සියලුම බේකරි කෑම)

* නියමිත ප්‍රමාණයට වැඩියෙන් ආහාර ගැනීම.

* නියමිත ප්‍රමාණයට අඩුවෙන් ආහාර ගැනීම.

* දීඝ කාලීනව ආහාර නොගෙන සිටීම.

* මධ්‍යසාර භාවිතය

* මානසික ආතතිය

* දීර්ඝ කාලීනව පවතින මළ බද්දය

* ව්‍යායාම නොකිරීම

* අධිකව නිදි වැරීම

* අධික ලෙස බර එසවීම

* අධික ලෙස වෙහෙසීම

* වැරදි ජීවන රටාවට හුරුවීම

අර්ශස් රෝගය වළක්වා ගතහැකි ක්‍රම

* මුලින් කී හේතුවලින් වැළකී සිටීම

* කොළකැඳ වර්ග පානය කිරීම

* අලුත් පළතුරු වර්ග ආහාරයට ගැනීම

* පාන්පිටි සහිත ආහාරවලින් වැළකීම

* පළාවර්ග වැඩිපුර ගැනීම (මුකුණුවැන්න, ගොටුකොළ, කංකුං, කැරැංකොකු)

* පිරිසිදු ජලය පානය කිරීම

* කෙසෙල් මුහ, කෙසෙල් බඩ, කොහිල සහ කෙදි සහිත ආහාර වැඩිපුර ගැනීම

* එළබටු, තිබ්බටු, පතෝල, වැටකොළු වැනි එළවළු වර්ග ආහාරයට ගැනීම

* සැර අඩු අලුත් මාළු වර්ග ආහාරයට ගැනීම (මෝරා, පරා, හාල්මැස්සන්)

* කායික ව්‍යායාම ප්‍රමාණවත් පරිදි ලබාදීම

* මානසික සමබරතාවය පවත්වා ගැනීම

රෝගය මුල්කාලයේදී ඇතිවන රෝග ලක්ෂණ

* බඩපුරවා දැමීම

* ආහාර අරුචිය

* සිරුරේ අප්‍රාණික බව

* මළ බද්දය

* උදාසීන බව

රෝගය නිසා හටගන්නා උපද්‍රව

අර්ශස් රෝගය කල්ගතවීමේදී හා නියමිත වේලාවට ප්‍රතිකාර නොකිරීම හේතුකොට ගෙන පහත සඳහන් උපද්‍රව ඇතිවේ.

* අත් පා වල ඉදිමුම

* නාභිය, ගුදය හා වෘෂණ කෝෂවල ඉදිමුම

* පපුව හා එහි දෙපස වේදනාව

* වමනය, උණ හා ගුදය පැසවීම

* ගුද මාර්ගයෙන් තදින් ලේ වැගිරීම

* අධික ලෙස ඇතිවන පිපාසය

* ගුද මාර්ගය පහත්වීම

* තට්ටම් පෙදෙසේ තුවාල (පිඩකා) තුවාල ඇතිවීම

* පාණ්ඩු රෝග (නීරක්තිය) ඇස් හා නියපොතු කහපැහැ වීම (කහමලාව)

ප්‍රතිකාර

සමහර අවස්ථාවලදී රෝගයේ මුල් අවධියේදී හඳුනාගත හොත් සුවකර ගත හැකිය. නමුත් කල්ගත වූවිට එය සුව කිරීමට තරමක් අපහසුය. මේ සඳහා සුදුසු ඖෂධ කිහිපයක් බලමු.

* අරළු, ගොටුදඩු, රතුළුණූූ, කොහිල කරටි, කලාඳුරු, සූඳුරු, කරපිංචා නැටි යන ඒවා සමව ගෙන වතුර පත 8 1 ට සිඳුවා පෙරා උදේ සවස උක් හකුරු මී පැණි සමඟ බොන්න. මෙය ලේ යන අර්ශස් වලට සුදුසුයි.

* පාවට්ටා මුල්, කලාඳුරු අල, රත්කරල් හැබ, කලං 4 බැඟින් ක්ෂාය කර බොන්න.

* සුදුළුණූූ, වැල්මී, අරළු, කොත්තමල්ලි, පාවට්ටා මුල් ක්ෂාය කර බොන්න. මෙය ගුද මාර්ගය පහත්වීමට සුදුසුයි.

* කොහිල අල, රතුළුණූ, ගොටුදඬු, කරල්හැබ සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා ඉස්ම ගෙන (උණුවතුරෙන්) මී පැණි සමඟ අඩු කෝප්ප භාගය බැඟින් උදේ සවස බොන්න.

ප්‍රතිකාර

සමහර අවස්ථාවලදී රෝගයේ මුල් අවධියේදී හඳුනාගත හොත් සුවකර ගත හැකිය. නමුත් කල්ගත වූවිට එය සුව කිරීමට තරමක් අපහසුය. මේ සඳහා සුදුසු ඖෂධ කිහිපයක් බලමු.

අරළු, ගොටුදඩු, රතුළුණූූ, කොහිල කරටි, කලාඳුරු, සූඳුරු, කරපිංචා නැටි යන ඒවා සමව ගෙන වතුර පත 8 1 ට සිඳුවා පෙරා උදේ සවස උක් හකුරු මී පැණි සමඟ බොන්න. මෙය ලේ යන අර්ශස් වලට සුදුසුයි.


පාවට්ටා මුල්, කලාඳුරු අල, රත්කරල් හැබ, කලං 4 බැඟින් ක්ෂාය කර බොන්න.
සුදුළුණූ, වැල්මී, අරළු, කොත්තමල්ලි, පාවට්ටා මුල් ක්ෂාය කර බොන්න. මෙය ගුද මාර්ගය පහත්වීමට සුදුසුයි.


කොහිල අල, රතුළුණූ, ගොටුදඬු, කරල්හැබ සමව ගෙන කොටා වණ්ඩුවේ තම්බා ඉස්ම ගෙන (උණුවතුරෙන්) මී පැණි සමඟ අඩු කෝප්ප භාගය බැඟින් උදේ සවස බොන්න.


වැඩබලන සබරගමු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය
ඩී.ජී.සී. එල්. සෙනෙවිරත්න
ආයුර්වේද මහ රෝහල
රත්නපුර