අප අවට පරිසරයේ ඇති ගහකොළ ගැන මනා අවබෝධයක් ඇත්තේ කීයෙන් කීදෙනාටද? අපගේ නිරෝගීකම ආරක්ෂා කරගැනීමට මේ පොළොවේ වැවෙන කුඩා පැළෑටි පවා කොපමණ ප්‍රයෝජන වේදැයි හැඟෙන්නේ අපගේ මුතුන් මිත්තන් ඒවා භාවිත කර ඇති ආකාරය විමසා බලද්දීය. එම භාවිතාවන් කොපමණ දුරට සාර්ථක වී තිබිණිදැයි යන්න නවීන පර්යේෂණ මගින් හෙළිදරව් වෙමින් තිබේ.
ඉඩම් කොමසාරිස් තනතුරින් ඉවතට
ඉඩම් කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කැර තිබේ. කොමසාරිස්වරයාගේ සිය රාජකාරිය සම්බන්ධයෙන් ගැටලු රැසක් මතු වී ඇති නිසා මෙම තනතුරින් ඉවත් කිරීමට හේතු වී තිබේ.
සිය රාජකාරියේදී සිදු කරන ලද බරපතළ දූෂණ වංචා කිහිපයක් සම්බන්ධව එල්ල වී ඇති චෝදනා සහ විවිධ රාජකාරී කටයුතු සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණෙන මහජනතාවට සහ මහජන නියෝජිතයන් නොසලකා හරිමින් කටයුතු කිරීම සම්බන්ධව පැමිණිලි ලැබී තිබේ.
මෙයට අමතරව අගමැති කාර්යාලයටත් පැමිණිලි ලැබී තිබෙන බවද වාර්තා වෙයි.
මහේල නිසා පොන්ටින් විසිවෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ප්‍රමුඛතම කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මහේල ජයවර්ධන පත්කොට තිබේ.
ඒ අනුව 2017 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේදි මහේල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරයි.ඔහුගේ පත්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකඩ් ක්‍රිඩක රිකී පොන්ටින්ට පුහුණුකරු තනතුර අහිමිව තිබේ.
තෙල් බවුසරයක් පිපිරී 73 ක් මරුට
මොසැම්බික් රාජ්‍යයේ පැට්රල් බවුසරයකින් ඉන්ධන ලබා ගැනීමට පිරිසක් දැරූ උත්සාහයේදී එම බවුසරය පිපිරී 73 ක් මරුමුවට පත්වී ඇත.
මෙහිදී තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. පැට්රල් බවුසරය පිපිරී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා බව අනාවරණය වී ඇත. එහෙත් බවුසරය තුළ බෝම්බයක් තිබුණේ ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙහිදී තවත් 100 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. පැට්රල් බවුසරය පිපිරී ඇත්තේ අධික උෂ්ණත්වය නිසා බව අනාවරණය වී ඇත. එහෙත් බවුසරය තුළ බෝම්බයක් තිබුණේ ද යන්න ගැන පරීක්ෂණ පවත්වන බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.
දුමින්ද සිංගප්පූරුවට රැගෙන නොයන බව සහෝදරිය කියයි
මරණ දණ්ඩනය නියම වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගෙනයාමට ඔහුගේ පවුලේ උදවිය සැලසුම් කරන බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට ඔහුගේ සහෝදරිය වන දිලිනි සිල්වා සටහනක් එක්කරමින් සඳහන් කරයි.
එසේම බන්ධනාගාර රෝහලේ සිට ඔහුව ප්‍රතිකාර සඳහා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ගෙන ආවේ ඔහුගේ හිසට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පසුව ඔහුට ශ්‍රී ලංකාවේ පළමු සැත්කම කළ වෛද්‍ය මහේෂි මහත්මිය ජයවර්ධනපුර රෝහලේ පමණක් සේවය කරන හෙයින් බවද ඇය සිය සටහනෙන් පැහැදිලි කරයි.




