ට්‍රම්ප් ජනපති ලෙස පිළිගන්න බැහැ ලු – (VIDEO)

අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට විරෝධය පළ කරමින් සහ ජනාධිපතිවරයා ලෙස නොපිලිගනිමින් එරට ප‍්‍රධාන නගර කිහිපයක විරෝධතා ආරම්භ වී තිබෙනවා.

නිව්යෝර්ක් නුවර උද්ඝෝෂණවල යෙදෙන පිරිස් ට‍්‍රම්ප් කුළුණ සහ ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ නිවස පිහිටි ප‍්‍රදේශය ද වටලා ඇති බවයි රොයිටර් පුවත් සේවය පවසන්නේ.

චිකාගෝහි උද්ඝෝෂකයින් ට‍්‍රම්ප් ජාත්‍යන්තර හෝටලය සහ කුළුණ වටලා තිබෙනවා. පොලිස් නිලධාරීන් ඇතැම් මාර්ග වසා දැමීමට ද කටයුතු කර ඇති බවයි රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් කියා සිටියේ.

ට්‍රම්ප් ජයග්‍රහණය ගැන ෆේස් බුක් නිර්මාණ

ට්‍රම්ප් ජයග්‍රහණය ගැන ෆේස් බුක් නිර්මාණ

ගම්මන්පිලට රට යන්න අවසර

ගම්මන්පිල
විදේශිකයකුට අයත් සමාගමක කොටස්‌ විකුණා රුපියල් මිලියන 21 ක්‌ වංචා කිරීමට ආධාර අනුබල දුන්නැයි චෝදනා එල්ල වී ඇති පිවිතුරු හෙළ උරුමය පක්‌ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතාට විදේශ ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ. ආර්. හෙයියන්තුඩුව මහතා ඊයේ (09 දා) අවසර ලබා දුන්නේය. 

ලබන 21 වැනිදා සිට 24 වැනිදා දක්‌වාත් දෙසැම්බර් 9 වැනිදා සිට 20 වැනිදා දක්‌වාත් විදේශ ගතවී සිටීමට ඒ අනුව විත්තිකාර මන්ත්‍රීවරයාට අධිකරණයෙන් අවසර ලැබිණි.

ට්‍රම්ප් ජය ලබන බව මුලින්ම කීවේ වඳුරෙක්‌

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ලබන බවට මුලින්ම අනාවැකියක්‌ පළ කළේ චීනයේ සංචාරක උද්‍යානයක සිටින "ජෙඩා" නමැති වඳුරායි.

මෙයට පෙර ලෝක පාපන්දු කුසලානය පෘතුගාලය ජය ගන්නා බවට "ජෙඩා" පළ කළ අනාවැකියද සැබෑ විය.

පරාජය ලැබූ හිලරිගෙන් විශේෂ ප්‍රකාශයක් (VIDEO)

ලෝකයේම අවධානය දිනාගත් අමෙරිකානු ජනාධිපතිවරණයේ දී අනපේක්ෂිත පරාජයක් ලැබූ හිලරි ක්ලින්ටන් ඊයේ (09) රාත‍්‍රියේ විශේෂ ප‍්‍රකාශයක් සිදුකළා.

ඇය පැවසුවේ මෙම ප‍්‍රතිඵලය පිලිගනිමින් අමෙරිකාවට නායකත්වය ලබාදීමට ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට දැන් අවස්ථාව ලබාදිය යුතු බවයි.