තරුණ ශ්‍රම බලකාය ත්‍රිරෝද රථ කුලී රැකියාව කෙරෙහි යොමුවීම වැළැක්‌වීමට වයස අවුරුදු 35 ට අඩු තරුණයන් එම රැකියාවේ නිරත වීම තහනම් කිරීමට ඉදිරි අයවැය යෝජනාවලියෙන් යෝජනා කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියා සිටී.
ඊට අමතරව කුලී ත්‍රිරෝද රථ සහ නිවෙසේ කටයුතුවලට භාවිතා කෙරෙන ත්‍රිරෝද රථ වශයෙන් වර්ගීකරණය කිරීමද කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.




