විමල්ගේ දියණියගෙන් පැමිණිල්ලක් (Photos)

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතාගේ දියණිය අද(04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ තමන්ට මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව වෙබ් අඩවි වල අසත්‍ය පුවත් ප්‍රචාරණය වන බවටයි විරවංශ මහතාගේ දියණිය විසින් චෝදනා කරන්නේ.
නීතිඥ ප්‍රේමනාත් දොලේවත්ත මහතා සහ තම මව වන ශෂී වීරවංශ මහත්මිය සමග පැමිණ ඇය මෙම පැමිණිල්ල සිදු කළාය.