ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතාගේ දියණිය අද(04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ තමන්ට මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.
තිස්සගේ පෙත්සම කුණු කූඩයට
චෝදනා 03ක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඇප ඉල්ලා මෝසමක් මගින් සිදුකළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.
ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන හමුවේ මෙම මෝසම සලකා බැලූ අවස්ථාවේදීයි.
අලි පැටවෙකු බේරගනී
මාස 03 ක් පමණ වන අලි පැටවෙකු කිසියම් පිරිසක් ගෙනයාමට දැරු උත්සාහය වැළකී ඇත්තේ හම්බෙගමුව ජනපදයේ ගම්වාසීන් ක්ෂණිකව මැදිහත්වූ නිසාය.




