විමල්ගේ දියණියගෙන් පැමිණිල්ලක් (Photos)

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු විමල් වීරවංශ මහතාගේ දියණිය අද(04) මාදිවෙල පිහිටි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ තමන්ට මේ දිනවල ඇතැම් සමාජජාලා වෙබ් අඩවි හා මාධ්‍ය මගින් සිදුකරන බරපතළ මානසික හිංසනයන් පිළිබද පැමිණිල්ලක් ඉදිරිපත් කළාය.

අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ

අමරදේවයන්ගේ සමුගැනීමෙන් තනිවූ ආදරණිය බිරිඳ

සිය දිවි මගින් නික්ම ගිය 'හෙළයේ මහා ගාන්ධර්වයා' ලෙස විරුදාවලි ලැබූ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවාදරයට පත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ගේ ආදරණිය බිරිඳ තම සැමියාගේ නිසල දේහය අබියස කඳුළු පිරි දෙනෙතින් යුතුව නිදහස් චතුරශ්‍රයේ රැදී සිටී

මුස්ලිම් විවාහ සදහා අවම වයස විරෝධතාව FB Photos

මුස්ලිම් විවාහ සදහා අවම වයස විරෝධතාව FB Photos
විවාහයක් සදහා අවම වයස් සීමාවක් පැනවීම ප්‍රයෝගික නැත යනුවෙන් පුවරු රැගත් පිරිසකගේ විරෝධතාවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා.මුස්ලිම් කාන්තාවන් සහ දරුවන් ද ලියාදුන් පුවරු මෙලෙස අල්ලාගෙන සිටිනු මෙම විරෝධතාවයේ දී දක්නට ලැබුණා.

තිස්සගේ පෙත්සම කුණු කූඩයට

( Tissa Attanayake )
චෝදනා 03ක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඇප ඉල්ලා මෝසමක් මගින් සිදුකළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ කොළඹ මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන හමුවේ මෙම මෝසම සලකා බැලූ අවස්ථාවේදීයි.

අලි පැටවෙකු බේරගනී

අලි පැටවෙකු බේරගනී
මාස 03 ක් පමණ වන අලි පැටවෙකු කිසියම් පිරිසක් ගෙනයාමට දැරු උත්සාහය වැළකී ඇත්තේ හම්බෙගමුව ජනපදයේ ගම්වාසීන් ක්ෂණිකව මැදිහත්වූ නිසාය.