බැඳුම්කරයෙන් වැඩිම හානිය අර්ථසාධකයට

ආචාර්ය හර්ෂ ද සිල්වා
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව නිසා වැඩිම හානිය සිදුවී ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට යෑයි විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (30 වැනිදා) පැවැසීය.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ පිළිබඳ හෙළිකර ඇතත් එය ගැඹුරින් අධ්‍යයනය කළ හොත් වැඩිම හානිය සේවක අර්ථසාධක අරමුදලට බව පෙනී යනු ඇතැයි ඊයේ සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය. හෙතෙම එහිදී වැඩිදුරත් මෙසේද කීය.

වැඩිහිටියන් මහමඟ දමා ගියොත් දේපළ රාජසන්තකයි

අමාත්‍ය එස්.බී.දිසානායක
මහමඟ දමා ගොස් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කිරීමට නීති සකස් කළ යුතු බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන ඇතැම් වැඩිහිටියන්ගේ දේපලවලට ඔවුන් මියගිය පසු ඥාතීන් හිමිකම් කීමට ඉදිරිපත් වීම හේතුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව අමාත්‍යවරයා පවසයි.

හිටපු කතානායක උපන්දිනය සැමරූ හැටි (PHOTOS)

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ 74 වන උපන්දිනය අද (30) දිනට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් සාදයක්ද පැවැත්වුණා.ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ හිතවතුන්ද එක්ව සිටියා.චමල් රාජපක්ෂ මහතාගේ උපන්දිය සැමරූ අයුරු පහතින් දැක්වේ.
චමල් රාජපක්ෂ

මහ බැංකුවේ ආරක්‍ෂාවට ප්‍රබල ඇමැති බෑනා කෙනෙක්‌

ශ්‍රී ලංකා මහ බැංකුවේ ආරක්‍ෂක සේවය සඳහා රජයේ ප්‍රබල ඇමැතිවරයකුගේ බෑනා කෙනකුගේ සමාගමක්‌ අයෑදුම්පත් යොමු කර ඇත.

පසුගිය රජය සමයේදී මෙම බෑනා සම්බන්ධව නිතර මාධ්‍යයේ පළවුණු අතර ඔහුට විරුද්ධව නඩු කිහිපයක්‌ ද විභාගයට ගැනිණි.

රසායනික යෙදූ පලතුරු හඳුනා ගන්න හරිම ක්‍රමය මෙන්න

රසායනික යෙදූ පලතුරු
දිලිසෙන දවටනයකින් දිවට දැනෙන ඉහවහා යන රසයකින් පිරි කෘත්‍රිම කෑමකට තවමත් අපේ හිත ඇදී යනවා. එසේ ඇදී යන්නේ පෝෂණ විශේෂඥයන්ගේ උපදෙස් අලුයම ළූ කෙළ පිඬක් තරමටවත් ගණනකට නොගෙනයි.

එහෙමත් නැත්නම් නොසැලකිලිමත් බව නිසයි. කොහොම වුණත් උගුරට හොරා බෙහෙත් කනවා වගේ දැන් දැන් එළවළු, පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීමට අපේ අයත් පෙලඹී සිටිනවා.