මහමඟ දමා ගොස් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන වැඩිහිටියන්ගේ දේපළ රාජසන්තක කිරීමට නීති සකස් කළ යුතු බව සමාජ සේවා අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.
වැඩිහිටි නිවාසවල භාරකාරත්වයට පත්වන ඇතැම් වැඩිහිටියන්ගේ දේපලවලට ඔවුන් මියගිය පසු ඥාතීන් හිමිකම් කීමට ඉදිරිපත් වීම හේතුවෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවට ගැටළු රැසකට මුහුණදීමට සිදුව ඇති බව අමාත්‍යවරයා පවසයි.




