පුංචි දියණියක් යකඩ යදම්වල සිර කරලා

A Little Girl Trapped Slave To Ironළමා කාලයේදී බොහෝ දෙනෙක් පාසල් යාමට නොහැකි බව පවසමින් නිවස වටේ දිව්වා මතක ඇති.
පාසල් යන්න බල කරමින් දෙමව්පියන්ගෙන් කෝටු පාරත් වදින්න ඇති.

මැලේසියාවේ පුංචි දියණියක් පාසල් යන්නට නොහැකියි කිව්වා නිසා දැරියගේ මව විසින් නපුරු දඬුවමක් දී තිබෙනවා.ඒ වාහන නවතා තබන ස්ථානයක කණුවක යකඩ දම්වැලකින් දියණිය ගැට ගසා බැඳ තැබීමයි.

අර්ජුන් මහේන්ද්‍රන් රටින් පනියි

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් කමිටු වාර්තාව හෙට (28) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත තිබියදී එහි ප්‍රධාන චූදිතයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මීට සුළු මොහොතකට පෙර රටින් පිටව ගොස් ඇතැයි ගුවන්තොටුපළ ආරංචි පවසයි.

අද (27) පස්වරු 3.12ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එමිරේට්ස් ගුවන් යානයකින් ඔහු සිංගප්පූරුව බලා ගොස් ඇත.

ලක්ෂ 23 නීති විරෝධී යතුරුපැදියක් කොටුවෙයි (Video)

ව්‍යාජ අංක තහඩු භාවිතා කරමින් ධාවනය කළ යතුරුපැදියක් සොයාගැනීමට මීගමුව පොලිස් වැටලීම් ඒකකයේ නිලධාරීන් සමත්වුණා.විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අබලි ද්‍රව්‍ය ලෙස පවසා රේගු බදු නොගෙවමින් ඉතාලියේ සිට මෙම යතුරුපැදිය ගෙන්වා ඇති බවයි.

එකම අංකයක් යටතේ ධාවනය කළ යතුරුපැදි දෙකක් මීගමුව කොට්ඨාස නීතිය බලාත්මක කිරීමේ ඒකකය පසුගියදා සිය භාරයට ගනු ලැබුවා.පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තෙ ස්කූටර් වර්ගයේ යතුරුපැදි අංකයෙන් ඉතාලියේ නිෂ්පාදිත මෙම යතුරුපැදිය ද ධාවනය කර ඇති බවයි.

සෑම උ-පෙළ සිසුවෙකුටම TAB පරිගණයකයක්

TAB පරිගණයකයක්
2017 වසරේදී උසස්පෙළ හදාරණ සෑම පාසල් සිසුවෙකුටම TAB පරිගණයක් ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27දා) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

එසේම සෑම ළමයෙකුටම අවුරුදු 13ක අනිවාර්යය පාසල් අධ්‍යාපනය ලබන වසරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන බවත් ගුරු හිඟය අවසන් කිරීම සඳහා 2017 වසර තුළදී කටයුතු කරන බවත් අගැමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Toyota මෝටර් රථ ලක්ෂ 58ක් යළි කැඳවයි

Toyota මෝටර්
ටොයොටා මෝටර් රථ ලක්ෂ 58ක් යළි කැඳවීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

ඒවා 2000 වසරේ මැයි සිට 2014 වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ නිෂ්පාදිත රථ බවයි වාර්තා වෙයි.

2010-2011 Toyota 4Runner, 2003-2011 Toyota Corolla, 2003-2008 Toyota Corolla Matrix, 2009-2011 Toyota Matrix, 2004-2005 Toyota Rav4,2011 Toyota Sienna,2002-2007 Toyota Sequoia, 2003-2006 Toyota Tundra, 2006-2011 Toyota Yaris යන වාහන මෙලෙස යළි කැඳවා ඇති බව වාර්තාවෙයි.