ලන්දවත්තේ බාලයා අත්අඩංගුවට

ලන්දවත්තේ බාලයා
මිනිස් ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු පෙරේදා (25දා) සවස අඟුණුකොළපැලැස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.

සැකකරු අංක 50/14 අක්කර 50 බරවකුඹුක ලිපිනයේ පදිංචි සුජිත් ලොකුලියනගේ නොහොත් ලන්දවත්තේ බාලයා (40) නමැත්තෙකි. පෙරේදා (25දා) අලුයම 4.30ට පමණ අඟුණුකොළපැලැස්ස අක්කර 50 ප්‍රදේශයේදී තංගල්ල පොලිස් කොට්ඨාසයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සමඟ විදේශීය රටක නිෂ්පාදිත රයිෆල් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ තුනක්, කඩුවක් හා පිහියක් අත්අඩංගුවට ගෙන ඇත.

උලපනේ ඉඩම විඡේවීර බිරිඳට නොලැබේ

Wijeweera's House cannot be given to family
ජනතා විමුක්‌ති පෙරමුණේ නායක රෝහණ විඡේවීර මහතා අවසන් වරට පදිංචිව සිටි නාවලපිටිය, උලපනේ පිහිටි නිවස සහ ඉඩම තමන්ට සහ තම දූදරුවන්ට ලබා දෙන්නැයි රෝහණ විඡේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විඡේවීර මහත්මිය කර තිබූ ඉල්ලීම, එම දේපළ රාජසන්තක කරන ලද දේපළක්‌ හෙයින් ඉටු කළ නොහැකි බව ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් මංගල වික්‍රමආරච්චි මහතා විසින් දැනුම් දී ඇත.

රෝහණ විඡේවීර මහතාගේ අභාවයෙන් පසුව විඡේවීර මහත්මිය මෙතෙක්‌ රැඳී සිටි නාවික හමුදා කඳවුරෙන් ඉවත්ව යන හෙයින් තමන් හා දූදරුවන් වෙත මෙය ලබා දෙන්නැයි ඇය ඉල්ලා ඇති බව නාවලපිටිය ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.

ඊයේ රෑ ඉඳන් වැට් එක වැඩ

වැට්
වැට් බදු සංශෝධනය ඊයේ (26දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යැයි මුදල් ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවේදී පැවැසීය.ඒ අනුව වැට් බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සියයට 15ක් වනු ඇත.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුරකථන ගාස්‌තු, දුම්කොළ ඇතුළු භාණ්‌ඩ රැසක වැට්‌ බද්ද සියයට හතරකින් වැඩිවන අතර සෞඛ්‍ය හා රෝහල්, තැපැල්, නිවාස හා ස්‌මාට්‌ ෆොaන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ අසූඑකක්‌ සඳහා මෙම වැට්‌ බදු වැඩිවීම අදාළ නොවන බව මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

විමල්ගේ නිවසක තරුණ මළ සිරුරක්

විමල් විරවංශ
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතාට අයත් හෝකන්දර පිහිටි නිවසක් තුළ තිබී පොලීසිය විසින් මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.

මළ සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබෙන අතර, මියගොස් තිබෙන්නේ 24 හැවිරිදි ළහිරු ජනිත් නැමැත්තෙකි.

සහේලිගෙන් අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න

La Isla Bonita | Saheli Gamage
ගායන ශිල්පිණී සහේලි ගමගේ පිළිබඳව මෙරට සංගීත රසික රසිකාවියන් හඳුණාගත්තේ ඇය විසින් ගායනා කරන ලද "ආයුබෝවේවා මහ රාජාණනේ" ගීතයත් සමග යි.

පසුව දේශපාලන වේදිකාවල පවා ඇය පිළිබඳ කතාබහට ලක්වූ අවස්ථා ද දුලබ වූයේ නැහැ.