මහරගම අපේක්ෂා රෝහලේදී පිළිකා රෝගීන් සදහා ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ආරම්භ කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණයකර ඇත.
ඔස්ට්‍රේලියාවේ වින්සන්ට් රෝහලේ මහාචාර්ය එම්.ඒ. ඩේවිඩි මහතාගේ උපදෙස් මත ශල්‍යකර්ම සිදුකිරීම ලබන දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
පිළිකා රෝගීන්ගේ ඇටමිදුළු බද්ධ කිරීමේ ශල්‍යකර්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථමවරට ආරම්භ කරන අතර, මෙතෙක් කල් එවැනි සැත්කම් සිදුකරන ලද්දේ සිංගප්පූරුව සහ ඉන්දියාව වැනි රටවලදීය.




