මිනිස් ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු පෙරේදා (25දා) සවස අඟුණුකොළපැලැස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි.
සැකකරු අංක 50/14 අක්කර 50 බරවකුඹුක ලිපිනයේ පදිංචි සුජිත් ලොකුලියනගේ නොහොත් ලන්දවත්තේ බාලයා (40) නමැත්තෙකි. පෙරේදා (25දා) අලුයම 4.30ට පමණ අඟුණුකොළපැලැස්ස අක්කර 50 ප්රදේශයේදී තංගල්ල පොලිස් කොට්ඨාසයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සමඟ විදේශීය රටක නිෂ්පාදිත රයිෆල් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ තුනක්, කඩුවක් හා පිහියක් අත්අඩංගුවට ගෙන ඇත.




