විග්නේශ්වරන් ලන්ඩනයේදී කොටි කොඩියට පයින් ගසයි

උතුරු පළාත් සභාවේ මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ලන්ඩන් නුවරදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ රැස්වීමකදී එල්.ටී.ටී.ඊ. කොඩිය එසවීමට කළ ඇරැයුම ප්‍රතික්‍ෂේප කළේය.

විග්නේශ්වරන් මහතා මේ දිනවල එංගලන්තයට ගොස් සිටින්නේ එහි රාජකීය බරෝකිංස්ටන් නගරය සහ යාපනය යන නගර දෙක අතර සබඳතා ඇති කරගැනීම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට අස්සන් කිරීමටය.

ආවා - කියා සැකකර වෙඩි තබලා

 සාගල රත්නායක
යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.

මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන බවත් ඔවුන් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත් එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවත් මේ වන විට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයා පැවැසීය.

අවම බලය ගැන පොලිස්පතිගේ මතය

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් හා අනතුරකින් ජීවිතක්ෂයට ලක්වීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන්ගෙන් අඩුපාඩුවක් සිදුව ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එසේ වෙඩිතැබීමට තරම් වාතාවරණයක් තිබුණේද යන්න ගැටළු සහගත බවත්, එතැනදී මංකොල්ලකෑමක්, සංවිධානාත්මක ලෙස සිදුකරනු ලැබූ ප්‍රහාරයක්, ජීවිත තර්ජනයක් හෝ තිබුණු අවස්ථාවක් විය නොහැකි බව පොලිස්පතිවරයා සඳහන් කළේය.

පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයාට ඇප

Son Of State Minister Palitha Range Bandara Released
රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර සහ තවත් අයෙකු ඇපමත මුදාහරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි විජේතුංග අද (25) නියෝග කළා.

ඒ අනුව එක් අයෙකුට රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වන ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරිය නඩුව දෙසැම්බර් 05 වනදා යළි කැඳවීමට නියෝග කරනු ලැබුවා.අමාත්‍යවරයාගේ පුතු ගමන් කළ ජීප් රථයක ගැටී ඊයේ පුද්ගලයෙකු මියගිය අතර, 42 හැවිරිදි ඔහු ආණමඩුව වඩිගමංගාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

16 හැවිරිදි දියණිය පැහැරගෙන ගොස්‌ දූෂණය කරලා

 දූෂණය කරලා
පුද්ගලයන් හතරදෙනෙක්‌ 16 හැවිරිදි තම බාල වයස්‌කාර දියණිය පැහැරගෙන ගොස්‌ දූෂණය කර ඇතැයි හිනිදුම ප්‍රදේශයේ පදිංචි එම දැරියගේ මව්පියන් විසින් හිනිදුම පොලිසියට පැමිණිලි කොට ඇත. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ හිනිදුම පොලිසිය ලැබුණු තොරතුරුවලට අනුව වැටලීමක්‌ කොට සැකපිට එක්‌ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ තිදෙනකු ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

දූෂණයට ලක්‌වී ඇත්තේ හිනිදුම ප්‍රදේශයේ පදිංචි බාලවයස්‌කාර පාසල් දැරියකි. ආරංචි මාර්ග සඳහන් කරන්නේ මව නිවසින් බැහැර ගිය අවස්‌ථාවක්‌ බලා පැහැර ගෙන ගිය මෙම දැරිය ප්‍රදේශයේ එතරම් ජනාකීර්ණ නැති ස්‌ථානයක ඇති පාසල් ගොඩනැඟිල්ලක්‌ තුළ රැයක්‌ තිස්‌සේ මෙම සිව්දෙනා විසින්ම දූෂණය කොට ඇති බවය.