යාපනයේදී පොලීසිය සිදුකළ වෙඩි තැබිමකින් සරසවි සිසුන් දෙදෙනෙකු මිය යෑමේ සිදුවීම පිළිබඳව නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (25දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළේය.
මේ වන විට යාපනය තුළ 'ආවා' නමින් අපරාධ කල්ලියක් යතුරුපැදි වලින් ගමන් කරමින් අපරාධ සිදුකරන බවත් ඔවුන් කඩු මුගුරු යොදාගෙන අපරාධ කරන බවත් එම කල්ලියේ සාමාජිකයන් පිරිසක් බව සිතමින් පොලීසිය මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවත් මේ වන විට සිදුවන පරීක්ෂණ වලදී අණාවරණය වී ඇති බව අමාත්‍යවරයා පැවැසීය.




