සහේලිගෙන් අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න

La Isla Bonita | Saheli Gamage
ගායන ශිල්පිණී සහේලි ගමගේ පිළිබඳව මෙරට සංගීත රසික රසිකාවියන් හඳුණාගත්තේ ඇය විසින් ගායනා කරන ලද "ආයුබෝවේවා මහ රාජාණනේ" ගීතයත් සමග යි.

පසුව දේශපාලන වේදිකාවල පවා ඇය පිළිබඳ කතාබහට ලක්වූ අවස්ථා ද දුලබ වූයේ නැහැ.

සරණට ඇප

සරණ ගුණවර්ධන
වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) නියෝග කළේය.

මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී තමන් වරද පිළිගැනීමට සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

මාලිංගට මේ වසරේදී ක්‍රිකට් බෑ

Lasith malinga Can't play for 9 Months
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වන සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගට මෙම වසර තුළදී ක්‍රීඩා කළ නොහැකි වාතාවරණයක් උද්ගතවී තිබේ. ඒ ඔහුගේ පාදයේ ආබාධය තවමත් 100%ක් සුව නොවීම හේතුවෙනි. ඒ හේතුව නිසා ඔහුට බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ ඇතුළත්ව පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිව ඇත.

ලසිත් මාලිංගගේ ආබාධය පිළිබඳව ඔහුට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතාගෙන් විමසීමක් සිදුකළ අතර, එහිදී ඔහු පෙන්වාදුන්නේ මෙම වසර අවසානයේ දියත්වන දකුණු අප්‍රිකානු සංචාරය වනවිට මාලිංගගේ පාදයේ ආබාධය බොහෝදුරට සුවවනු ඇති බවයි.

බාල වයස්කාර දැරිය ගැබිනියක් !

දැරිය ගැබිනියක්
තම මව හමුවීමට රාත්‍රි කාලයේ මිනිසුන් පස් දෙනකු නිවෙසට පැමිණෙන බවත් එලෙස කෑගල්ල ප්‍රදේශයෙන් මව හමුවීමට පැමිණි පුද්ගලයකු තමා දූෂණය කළ බවත් ඒ හේතුවෙන් තමා මේ වන විට ගැබිනියක බවට පත්ව සිටින බවත් පවසමින් වයස අවුරුදු පහළොවක පමණ බාල වයස්කාර දැරියක් කැබිතිගොල්ලෑව පරිවාස නිලධාරි හා සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ ලේකම් කේ. කේ. කීර්තිරත්න මහතාට පැමිණිල්ලක් යොමු කොට තිබේ.

බාල වයස්කාර දැරිය සිය පැමිණිල්ල මඟින් තවදුරටත් පරිවාස නිලධාරි කීර්තිරත්න මහතාට පවසා ඇත්තේ තම පියා රිය අනතුරකින් මිය ගොස් සිටින බවත් තමා මව සමඟ නිවෙසේ ජීවත් වන බවත්ය.

කෘෘර දියණියක් අම්මා කුකුල් කූඩුවක දාලා

කුකුල් කූඩුව
වන්නිකුඩාවැව, කුඩාවැව ප්‍රදේශයේ නිවෙසක් පිටුපස කුකුළු කොටුවක රඳවා සිටි වයස අවුරුදු 85ක මාතාවක් ඊයේ (25දා) දහවල් සොයා ගෙන ඇය රෝහල් ගත කළ බව ගල්ගමුව පොලිසිය කීය.