වත්කම් ප්‍රකාශ හෙලි නොකළ බවට චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) නියෝග කළේය.
මීට අදාළ නඩුව කැදවූ අවස්ථාවේදී තමන් වරද පිළිගැනීමට සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.




