සජිත්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා දේශපාලන රැකියා ලබාදීම සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලය තුළ හුවමාරු වෙන වීඩියෝ පටය සම්බන්ධයෙන් අද දින සමාජවාදී තරුණ සංගමය අද (24) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එහි අදහස් දැක්වූ සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා,

සරත් කුමාර ගුණරත්න රිමාන්ඩ්

සරත් කුමාර ගුණරත්න
අද උදැසන අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න නොවැම්බර් මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත‍්‍රාත්වරයා නියෝගකර ඇතැයි වාර්තා වේ.

ඉකුත් 2002 වසරේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. කෙසේ වෙතත් නඩුව විභාග වී තිබෙන්නේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාරගේ සහයකයා පැදවූ රියෙහි ගැටීමෙන් එම පුද්ගලයා මියගිය බව පවසමින්.

බිරිය කාමරයක සිරකර සැමියා තහනම් පෙමක

 තහනම් පෙම
නාඋල පොලිස් ස්ථානයට යාබද ගම්මානයක පුද්ගලයකු සිය නීත්‍යනුකූල බිරිය කාමරයක සිරකර කලක් තිස්සේ වෙනත් කාන්තාවක් සමඟ අනියම් ඇසුරක් පැවැත්වීමේ සිද්ධියක් ගැන නාඋල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බිරිය විසින් නාඋල පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලක් අනුව මේ පරීක්ෂණය පැවැත්වෙයි.

96 ලෝක ක්‍රිකට් ශූරයෝ ඕස්ට්‍රේලියාවට

96 ලෝක ක්‍රිකට් ශූරයෝ

උද්ධමනය ඉහළට

උද්ධමනය
ඉකුත් සැප්තැම්බර් මස උද්ධමනය සියයට 4.7 දක්‌වා සුළු වශයෙන් ඉහළ ගොස්‌ ඇත.පසුගිය අගෝස්‌තු මස පැවැති උද්ධමනය සියයට 4.5 ක්‌ විය.

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ ලෂ්‍යමය පදනම මත මේ උද්ධමනය ගණනය කර ඇත.මේ අනුව අගෝස්‌තු මාසයේ 113.3 ක්‌වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ දර්ශක අගය ඉකුත් සැප්තැම්බර් මාසයේදී දර්ශක අංක 113.5 ක්‌ දක්‌වා සියයට 0.2 කින් ඉහළ ගොස්‌ තිබේ.