Pages
Home
Gossip Lanka News
English
Video Gallery
Photo Gallery
Newspaper Articles
Home
News
Arts
Features
Sports
Politics
World
ශිවගීතා ප්රභාකරන් අත්අඩංගුවට
ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමේ චෝදනාව මත මඩකළපුව හිටපු නගරාධිපති ශිවගීතා ප්රභාකරන් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ මඩකළපුව - ත්‍රීකුණාමලය මාර්ගයේ පිහිටා ඇති හිටපු නගරාධිපතිවරියට අයත් නිවසක මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවයි.
තව කියවන්න
යාපනයේ බුද්ධි අංශ නිලධාරින් දෙදෙනෙකුට පහරදීමක් !
යාපනයේ දී පොලිස් වෙඩි පහරින් මියගිය යාපන විශ්ව විද්‍යාලයයේ ජනමාධ්‍ය අංශයේ ශිෂ්‍යයකු වන විජයකුමාර් සුලක්ෂන්ගේ නිවස පිහිටි චුන්කාමම් හි දී රජයේ බුද්ධි සේවයේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමක් සිදුව ඇතැයි වාර්තාවේ.ඔවුන් දෙදෙනා වහාම රෝහල ඇතුලත් කර තිබේ.
සුලක්ෂන් සිසුවාගේ නිවස පිහිටියේ යාපනය චුන්නාකම් සිට කිලෝමීටරයක් පමණ දුරින් කන්දරෝඩෙයි ප්‍රදේශයේ ය.
තව කියවන්න
විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක්‍රමයක්
විදුලි වාහන ආරෝපණය කිරීම සඳහා නව ගාස්තු ක්‍රමයක් සහ ඒ සඳහා ඉලෙක්ට්‍රෝනික කාඞ් පතක් හඳුන්වාදීම,පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ්‍රයේදී සිදුකෙරිණි.
මෙමගින් කාර්යභහුල සහ කාර්යභහුල නොවන යන අවස්ථා දෙකේදීම විදුලි වාහන හිමිකරුවන්ට අපහසුවකින් තොරව අවම මිලක් යටතේ සිය වාහන ආරෝපණය කරගැනීමට පහසු මෙන්ම සරල ක්‍රියාදාමයක් හඳුන්වාදී තිබේ.
තව කියවන්න
මැතිව්ස්ගෙන් නායකත්වය ගිලිහෙන ලකුණු
සිම්බාබ්වේ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහභාගී නොවන්නේ නම් නායකත්වය රංගන හේරත්ට ලබාදීමේ සූදානමක් පවතිනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ පාදයේ පවතින ආබාධයක් හේතුවෙන් මැතිව්ස්ට මාසයක කාලයක් යන තෙක් පන්දු යැවීමෙන් වළකින ලෙසට වෛද්‍යවරුන් උපදෙස් දී ඇති බවයි.
තව කියවන්න
යාපනයේ 'යතුරු පැදි කල්ලි'
බ්‍රහස්පතින්දා රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු මියයාමේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් පිරිස මුලින් සැබෑ තොරතුරු හෙළි නොකළ බව අනාවරණය වී ඇතැයි නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතා 'බීබීසී සංදේශය'ට පැවසීය.
යාපනයේ 'යතුරු පැදි කල්ලි' සැරිසරන බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණ බැවින් පොලිසිය ඒ පිළිබඳව විමසිල්ලෙන් සිටි බව අමාත්‍යවරයා පවසයි.
තව කියවන්න
Previous Page
Next Page
Home