මුදල් ඇමැති නමින් ෆේස්බුක් හිටිය පුද්ගලයා දැලේ

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්ත‍ෙම්න්තුව මඟින් ඊයේ (20) පෙරවරුවේ අත්අඩංගුවට ගත්තේය. මුදල් අමාත්‍යවරයාගේ උපදෙස් මත කළ පැමිණිල්ලකට අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගැනිණි. 

මෙසේ අත්අඩංගුවට ගැනුණේ අංක 33, බලන්ගොඩ පාර, පැල්මඩුල්ල යන ලිපිනයේ පදිංචි ඩී. එම්. ආර්. සාගර දියගම නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි. පැය කිහිපයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව සැකකරු කොටුව අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ජනපති අනුමැතිය නැතිව වනාන්තර එළි කරනු බැහැ

ජනපති
වනාන්තර එළි පෙහෙළි කිරීමේදී අදාළ ආයතනයන්ගෙන් අනුමැතිය ලබා ගන්නා සේ තමාගේ ද අත්සන ලබා ගත යුතු බවට චක්‍රලේඛයක් ඉදිරියේ දී නිකුත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ ඊයේ (20) බත්තරමුල් මධ්‍යම පරිසර අධිකාරියේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

රාජිත කිව්වේ බොරුවක්!

පෙරේදා(19) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ ඊයේ පැවැති උත්සවයකට සහභාගි වූ හිටපු ජනපතිගෙන් මේ ගැන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවේය.

සුසන්තිකාට පහරදීමට සම්බන්ධ නඩුව සමථ මණ්ඩලයට

සුසන්තිකා
ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට පහරදීම සම්බන්ධයෙන් ඇගේ සැමියාට විරුද්ධව ඇති නඩුව ඊයේ (20දා) ගම්පහ අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ සුසන්තිකාට එම පහරදීමෙන් බරපතළ නොවන තුවාල සිදුව තිබූ බවට වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ වැලිවේරිය පොලිසිය නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කරන ලෙසට ඉල්ලීමක් කළේය.

නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කළ ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය එම නඩුව ලබන වසරේ මාර්තු මස 2 වැනිදාට නැවැත අධිකරණයේ කැඳවන ලෙසට නියම කළාය.

තල්මස් අම්මයි පැටියයි අම්බලන්ගොඩ වෙරළේ - Video

මියගිය විශාල තල්මසකුගේ සහ තල්මස් පැටියකුගේ සිරුරු අම්බලන්ගොඩ රන්‍ෙදාඹේ ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (20දා) අලුයම ගොඩගසා තිබිණි. ලොකු තල්මසා අඩි හැටක් පමණ දිගකින් යුතු අතර පැටවාගේ දිග අඩි දහයක් පමණ වේ.
තල්මස් සිරුරු සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු තල්මස් සිරුරු වළ දැමීමට ක්‍රියා කර ඇත.