රාජිත කිව්වේ බොරුවක්!

පෙරේදා(19) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමති රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ ඊයේ පැවැති උත්සවයකට සහභාගි වූ හිටපු ජනපතිගෙන් මේ ගැන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවේය.

සුසන්තිකාට පහරදීමට සම්බන්ධ නඩුව සමථ මණ්ඩලයට

සුසන්තිකා
ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට පහරදීම සම්බන්ධයෙන් ඇගේ සැමියාට විරුද්ධව ඇති නඩුව ඊයේ (20දා) ගම්පහ අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ සුසන්තිකාට එම පහරදීමෙන් බරපතළ නොවන තුවාල සිදුව තිබූ බවට වෛද්‍ය වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළ වැලිවේරිය පොලිසිය නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කරන ලෙසට ඉල්ලීමක් කළේය.

නඩුව සමථ මණ්ඩලය වෙත යොමු කළ ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මෙනෙවිය එම නඩුව ලබන වසරේ මාර්තු මස 2 වැනිදාට නැවැත අධිකරණයේ කැඳවන ලෙසට නියම කළාය.

තල්මස් අම්මයි පැටියයි අම්බලන්ගොඩ වෙරළේ - Video

මියගිය විශාල තල්මසකුගේ සහ තල්මස් පැටියකුගේ සිරුරු අම්බලන්ගොඩ රන්‍ෙදාඹේ ප්‍රදේශයේ මුහුදු වෙරළට ඊයේ (20දා) අලුයම ගොඩගසා තිබිණි. ලොකු තල්මසා අඩි හැටක් පමණ දිගකින් යුතු අතර පැටවාගේ දිග අඩි දහයක් පමණ වේ.
තල්මස් සිරුරු සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු තල්මස් සිරුරු වළ දැමීමට ක්‍රියා කර ඇත.

තිස්සට රිමාන්ඩ් එකේදී ප්‍රෙෂර් වැඩිවෙලා

තිස්ස
කූට ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අධික රුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. 

පෙරේදා (19දා) පස්වරු 3.00ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබූ අත්තනායක මහතා එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති බවද ඔහු අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට එම රෝහලේ වෛද්‍යවරයා ලබාදුන් නිර්දේශයක් මත ඔහු එසේ රෝහල් ගත කර ඇති බවද අනාවරණය වෙයි.

උදයංග වීරතුංගට ඉන්ටපොල් වරෙන්තු

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා මිලට ගැනීමේ ගනුදෙනුවේ දී රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග සෘජුවම සම්බන්ධ යැයි මූල්‍ය අපරාධ විමර්ශන අංශය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුව අද යළි කැඳැවිණි.

ජාත්‍යන්තර පොලිසිය මගින් ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කරන ලෙස මුල්‍ය අපරාධ විමර්ශන අංශය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.