තිස්සට රිමාන්ඩ් එකේදී ප්‍රෙෂර් වැඩිවෙලා

තිස්ස
කූට ලේඛනයක් ප්‍රසිද්ධියට පත් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා අධික රුධිර පීඩනයෙන් පෙළීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි. 

පෙරේදා (19දා) පස්වරු 3.00ට පමණ වැලිකඩ බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබූ අත්තනායක මහතා එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති බවද ඔහු අධික රුධිර පීඩනයෙන් පෙළෙන බවට එම රෝහලේ වෛද්‍යවරයා ලබාදුන් නිර්දේශයක් මත ඔහු එසේ රෝහල් ගත කර ඇති බවද අනාවරණය වෙයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක උපුල්දෙණිය මහතා කියා සිටියේ බන්ධනාගාර ගත කෙරෙන සෑම සිරකරුවකුම හා සැකකරුවකුම වෛද්‍ය පරීක්ෂණයකට ලක් කෙරෙන බවත් රෝගී තත්ත්වයෙන් පසුවන පුද්ගලයන් වෛද්‍ය
පරීක්ෂණයකින් පසු එසේ රෝහල් ගත කරන බවත්ය.