පූජකයා තමා දූෂණය කළ හැටි චිත්‍ර‍යකට නැගූ දැරිය

මෛත්‍රී තවත් කතාවක් කියයි

මෛත්‍රී
රජයට අයත් වෙඩි නොවදින වාහන දෙකක් සඟවා ඇතැයි පවසමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්ත වටලා සෝදිසි කිරීම බොළද ක‍්‍රියාවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

මෙවැනි බොලද වැඩ නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් තමාට කවුරුන් මොනවා කීවත් මෙවැනි ක්‍රියා බොළද වැඩ බව කිවයුතු බවත් ජනාධිපතිවරයා ලංකාදීප පුවත්පතට සඳහන් කර ඇත.

අපේ ආච්චි පණ අදිනවා - Facebook Post

අද සමාජයේ ඉන්න හුඟක් අය හුස්ම ගන්න මැෂින් වගේ. අපි එහෙම කියන්නේ අද තාක්ෂණය ජීවිතේ හැමදේටම වඩා මිනිස්සුන්ට සමීප වෙලා තියෙන නිසා.ඒ අතරින් ෆේස්බුක් කියන දේ ලොකු කුඩා හැමෝම වගේ භාවිත කරන දෙයක්. කන්න ගියත්, නිදාගන්න ගියත්, ඔෆිස් එකේදි, වාහනයක් පදවන වෙලාවේ වගේ හැම වෙලාවකදිම මුහුණුපොතේ සැරිසරන අය ඕනේ තරම් දැකලා තියෙනවා.

අම්මා, තාත්තා, දුව, පුතා වගේම හැම බැඳීමක්ම දෙවැනි තැනට වැටෙන තත්ත්වෙට මේ තාක්ෂණය නිසා මිනිස්සු අද පත්වෙලා තියෙනවා.සම්බන්ධකම්, හැඟීම්, දුක, සතුට හැමදේම බෙදාගන්න භාවිත කරන්නේ මුහුණුපොත.

ඩිල්රුක්ෂි යළිත් පරණ පුටුවට එයි

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස් වූ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අතිරේක සොලිසිටර් ජනරාල් ලෙස යළි වැඩ භාර ගෙන තිබෙනවා.

ඇය අල්ලස් කොමිසමට පත්වීමට පෙර කටයුතු කළේ එම ධූරයේයි.

දක්‍ෂිණ අධිවේගයේ උපරිම වේගය 60 ට බස්‌සයි

මේ දිනවල පවතින අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන උපරිම වේගය 60 ක්‌ ලෙස පවත්වාගෙන යන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියෑදුරන්ගෙන් ඉල්ලීමක්‌ කරයි. අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එසේම තම වාහනවල විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසට ද මාර්ග සංවර්ධන අධිකාරිය රියෑදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක්‌ කරයි.