දක්‍ෂිණ අධිවේගයේ උපරිම වේගය 60 ට බස්‌සයි

මේ දිනවල පවතින අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලුම වාහන උපරිම වේගය 60 ක්‌ ලෙස පවත්වාගෙන යන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියෑදුරන්ගෙන් ඉල්ලීමක්‌ කරයි. අධික වර්ෂාව සහ මීදුම හේතුවෙන් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එසේම තම වාහනවල විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසට ද මාර්ග සංවර්ධන අධිකාරිය රියෑදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක්‌ කරයි.