තිරුකුමාර් නඩේෂන් අත්අඩංගුවට

නිරුපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා මුල්‍ය අපරාධ විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔහු අද (17දා) පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරිමට නියමිත බව වාර්තා වේ.

මල්වානේ ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තිරුකුමාර් නඩේසන් අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්විය.

ණය ගෙවන්න ගණිකා සේවයේ යෙදුණු එක්‌ දරු මවක්

විවාහකර ගන්නා බවට පොරොන්දු දුන් පුද්ගලයෙකුට රැවටී ණය මුදලක්‌ ලබා ගත් එක්‌ දරු මවක් එම ණය ගෙවා ගැනීමට නොහැකිව ගණිකා සේවයේ යෙදී ඇති සිදුවීමක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.

ගාල්ල මකුළුව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක්‌ වටලා එහි සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ මේ බව අනාවරණය වී තිබේ.

පියුමි හංසමාලි දැන් ඉන්නේ මැලේසියාවේ (PHOTOS)

අද ඉඳන් විදුලිය කැපෙන හැටි මෙන්න

කොළඹ නගර සීමාවට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පැය තුනහමාරක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.. 
එම අමාත්‍යංශයය නිවේදනය පහත පරිදි වේ

2016.10.15 දින උදෑසන 10.46ට සිදුවූ සම්පේ‍්‍රෂණ මාර්ගවල තාක්ෂණික බිඳවැටීම නිසා නොරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බලාගාරය අක‍්‍රීයවීම හේතුවෙන් මේ වනවිට විදුලි ජනනය සීමාවි ඇත.

කවීෂාගේ අනතුර සිය දිවි නසාගැනීමක් ?

අද උදෑසන නුගේගොඩ ජුබිලි කණුව හන්දියේ අනතුරකින් මියගිය නවක නිළි කවීෂා අයේෂානිගේ මරණය ඇය විසින් දිවි තොරකරගැනීමේ අටියෙන් හිතාමතා සිදු කරගත් වාහන අනතුරක් බවට මේ වනවිට වෙත තොරතුරු වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට ඇගේ පෙම්වතා සමග ඇතිවූ ආරවුලක් මෙයට මුල්වී තිබේ.නුගේගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රකට විවේක විනෝද අංගනයක හිමිකරුවෙකු බව පැවසෙන ඇගේ පෙම්වතා සමග ඇය ඊයේ රාත‍්‍රියේ ඇති කරගත් ආරවුලෙන් පසුව ඇය ඔහු සමග අමනාපව මෝටර් රථයට නැගී ඇත්තේ ‘මම වාහනේ හප්පගෙන මැරෙනවා‘ යයි ඔහුට පවසා බවටද වාර්තා වන අතර ඇය කියූ ලෙසින්ම එම වාහනය ඊට ටික දුරක් එහාට වේගයෙන් පදවාගෙන ගිය ඇය බස් රථයක් හා ලයිට් කණුවක් අතර තැනකට වාහනය පාරෙන් ඉවතට කපා හප්පාගෙන ඇති බවටද තොරතුරු වාර්තාවේ.