මොනරාගල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචි එක්‌දරු මවක් ඊයේ (14 දා) මොනරාගල දිස්‌ත්‍රික් මහ රෝහලේදී නිවුන් දරුවන් තිදෙනකු ප්‍රසූත කළාය.
විසිපස් වැනි වියෙහි පසුවන කේ. එම්. චන්ද්‍රිකා ප්‍රියදර්ශනී දියණියන් තිදෙනකු මෙසේ ප්‍රසූත කළ අතර දරුවෝ තිදෙනා හා මව ඉතාමත් නිරෝගී තත්ත්වයෙන් පසුවෙති. මොනරාගල දිස්‌ත්‍රික් මහ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස්. එම්. එස්. සමරනායක, වෛද්‍ය චින්තක රාජපක්‌ෂ යන මහත්වරු දරු ප්‍රසූතියට අදාළ සිසේරියන් සැත්කම සිදු කළහ.




