පියුමි හංසමාලි චිලීගේ පැත්ත ගනී

පුද්ගලයෙකුට පහර දී තුවාල සිදුකිරිමේ හේතුව මත ගායන ශිල්පී චිලී තිලංක මේවනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා. මේ සිද්ධියත් සමග චිලී ගැන සමාජ ජාල වෙබ් අඩවිවල බොහෝ දෙනා විවිධ අදහස් පළ කර තිබුණා. කෙසේ වෙතත් මේ අතරවාරයේදීම තවත් චිලී සම්බන්ධ වීඩියෝවක් අන්තර්ජාලයට එකතු වී තිබුණා.

ඒ නිවසට පැමිණෙන පොලිස් නිළධාරියෙකුට චිලී පරුෂ වචනයෙන් බැනවදින ආකාරය දැක්වෙන වීඩියෝවක්.

මේ අතර සමාජ ජාල වෙබ් අඩවිවල බොහෝ ජනප්‍රිය චරිතයක් මෙන්ම ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලිද චිලී ගැන තම ෆේස්බුක් ගිණුමේ අදහසක් පළකර තිබුණා.
ඇය එහිදි කියා සිටියේ “Ur right chilly අපි හැමොම ඔයත් එක්ක ඉන්නවා” යනුවෙන්.