පියා නිසා පුංචි දරුවෙක් මියගිය හැටි Video

දරුවන් කැමතියි දෙමව්පියන් සමඟ විනෝද ගමන් යන්න.ඒ වගේම වෙළඳසැලකට ගිහින්බඩු ගන්න තියෙන ආශාව නම් පුංචි දරුවන්ට කියල වැඩක් නැහැ.

නමුත් එලෙස පුංචි දරුවෙක් සිය පියා සමඟ වෙළඳසැලකට යාමෙන් අවසානාවන්ත දෙයක් සිදුවී තිබෙනවා.

දයාසිරිගේ අයියා මියයයි

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ වැඩිමහල් සොහොයුරු ව්‍යාපාරික ජේ.පී.නන්දසිරි පුෂ්පකුමාර ජයසේකර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ දේහය මේ වන විට නො.17/2, මුරුතාන කොච්චිකඩේ නිවසේ තැන්පත් කර ඇත.දේහය පිළිබඳ වසන් කටයුතු හෙට (15දා) ප.ව.4.00 ට මුරුතාන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.ඔහු මිය යන විට 60 වියේ පසු වූ ඔහු දූවරුන් දෙදෙනෙකුගේ පියෙකි.

පැයකට රු. 3000ක්‌ හොයලා

හොඳින් ඇඳ පැළඳ කුඩා අත දරුවන් වඩාගෙන මීගමුව නගරයේ මාර්ග සංඥා කණු අසල රැඳී සිට වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගෙන් සිඟමන් යෑදීමේ වෘත්තියේ යෙදී සිටි තරුණ කාන්තාවන් තිදෙනකුට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවවාද කර කාන්තාවකට රුපියල් ලක්‌ෂය බැගින්වූ ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කළේය.

වර්ණ සංඥ අසල තාවකාලිකව නවතා තැබෙන වාහනවලින් සිඟමන් යෑදීමේ සිට අත්අඩංගුවට ගත් එම කාන්තාවන් මහවැව ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.

පහේ ශිෂ්‍යත්වයෙන් ජනප්‍රිය පාසල් නෑ

පහ වසර ශිෂ්‍යත්ව විභාගය මින් ඉදිරියට ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා නොව ශිෂ්‍යාධාර ලබාදීම සඳහා පමණක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සකසමින් පවතින බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (13) නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැසීය.

ඇමැතිවරයා එසේ පැවැසූයේ නුගවෙල මධ්‍ය විද්‍යාලයේ පැවැති ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ 132 වන ජන්ම දින සැමරුම් උත්සව සභාව අමතමිනි.

ජනපති කතාව කණකොකා හැඬීමක් ! - සුනන්ද දේශප්‍රිය

ගෝඨාභය රාජපක්ෂට දූෂණ චෝදනා ඉදිරිපත් කිරීමට විරුද්ධව ජනපති සිරිසේන විසින් ඊයේ එනම් 12වනදා එල්ල කරන ලද ප්‍රසිද්ධ වාග් ප්‍රහාරය 2015 ජනවාරි නිහඩ විප්ලවයෙන් බිහිවූ සමගි ආණ්ඩුවවේ අසමගිය පෙන්වන ඉතාම තීරණාත්මක ප්‍රකාශයයි.
එය එක්තරා විදිහක කණකොක් හඩකි.
දැන් පෙනෙන විදිහට ජනාධිපති සිරිසේනට ගෝඨාභය රාජපක්ෂ දේශපාලන වශයෙන් රැක ගැනීම අවශ්‍ය ය. නැත්නම් රාජපක්ෂ දශකයේ දුෂ්ඨත්වයේ සංකේතය වන ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂා කරමින් ස්වාධීන කොමිෂන් සභාවන්ට ප්‍රසිද්ධියේ බැණ වදින්නේ නැත.