හොඳින් ඇඳ පැළඳ කුඩා අත දරුවන් වඩාගෙන මීගමුව නගරයේ මාර්ග සංඥා කණු අසල රැඳී සිට වාහනවල ගමන් ගන්නා පුද්ගලයන්ගෙන් සිඟමන් යෑදීමේ වෘත්තියේ යෙදී සිටි තරුණ කාන්තාවන් තිදෙනකුට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා අවවාද කර කාන්තාවකට රුපියල් ලක්‌ෂය බැගින්වූ ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදාහැරීමට නියෝග කළේය.
වර්ණ සංඥ අසල තාවකාලිකව නවතා තැබෙන වාහනවලින් සිඟමන් යෑදීමේ සිට අත්අඩංගුවට ගත් එම කාන්තාවන් මහවැව ප්‍රදේශයේ පදිංචිකාරියන්ය.




