මහ බැංකුවේ රහස් පිට කිරීම ගැන CIDට පැමිණිලි

ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය මූල්‍ය තොරතුරු වරින් වර පිටතට යාම පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස මහ බැංකු අධිපතිවරයා රහස් පොලිසියට පැමිණිලි කිරීමට යයි.

මෙවැනි රහස් මූල්‍ය තොරතුරු වරින් වර හෙළිදරව් වීම රටේ මූල්‍ය තත්ත්වය විශාල අභියෝගයකට ලක්ව ඇති හෙයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය බ්‍රසල්ස් සංචාරයෙන් පසු මූල්‍ය මණ්ඩලය කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් අනාවරණය කරයි.මෙය කඩිනමින් වළක්වාගැනීමට රජය වැදගත් තීන්දු තීරණ රාශියක් ගැනීමට යන බවත් දැනගන්නට ඇත.

අක්ෂි සැත්කම් කාච ඉදිරියේ දී නොමිලයේ

ඇසේ සුද ඉවත් කිරීමේ අක්ෂි සැත්කම්වලට අවශ්‍ය කාච ඉදිරි මාස දෙක තුළදී නොමිලයේ ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කරයි. හොඳම වර්ගයේ අක්ෂි කාච නොමිලේ ලබාදීම සිදුකරන බවත් මේ තීරණය ක්‍රියාත්මක දිනයේ සිට කිසිදු අක්ෂි කාචයක් මුදලට ගැනීමට රෝගීන්ට සිදු නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඌ මටත් වඩා හොරෙක් - නාමල්ට කියවෙයි

Namal Rajapaksa said in Thief
තමාව අත්අඩංගුවට ගත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියා මිනීමැරුම් චෝදනා ලද්දෙකු බවත් ඔහු තමන්ටත් වඩා හොරෙකු බවත් නාමල් රාජපක්ෂ මහතා පවසයි. 

ඔහු ඒ බව පවසන්නේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ය.


මහින්ද මහා බලවත්.. ප‍්‍රබල පක්‍ෂයක් හදනවා..

අද වන විට ශ‍්‍රි ලංකාවට බලපා ඇති ග්‍රහචාරය අනුව රට ඉතා බරපතල අනතුරක් ආසන්නයේ ඇති බව ප්‍රවීණ ජෝතිශ්‍යවේදී මංජුල පිරිස් මහතා පවසයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමින් ඒ මහතා සදහන් කර ඇත්තේ කන්‍ය ලග්න හිමි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පෙරලිකාර දේශපාලන පුනරාගමනයක් ඉදිරි ආසන්න කාලය තුල සිදුවන බවයි.

මෛත්‍රී නොගිය මඩකලපුව පන්සලට මහින්ද යයි

මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවති පිංකම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී විය.

මංගලාරාම විහාරාධිපති ස්වාමින් වහන්සේ ගේ විශේෂ ආරාධනාව පරිදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.