ශ්‍රී ලංකා මහ බැංකුවේ රහස්‍ය මූල්‍ය තොරතුරු වරින් වර පිටතට යාම පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස මහ බැංකු අධිපතිවරයා රහස් පොලිසියට පැමිණිලි කිරීමට යයි.
මෙවැනි රහස් මූල්‍ය තොරතුරු වරින් වර හෙළිදරව් වීම රටේ මූල්‍ය තත්ත්වය විශාල අභියෝගයකට ලක්ව ඇති හෙයින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය බ්‍රසල්ස් සංචාරයෙන් පසු මූල්‍ය මණ්ඩලය කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් අනාවරණය කරයි.මෙය කඩිනමින් වළක්වාගැනීමට රජය වැදගත් තීන්දු තීරණ රාශියක් ගැනීමට යන බවත් දැනගන්නට ඇත.




