තාජුඩීන්ගේ ඇටකටු මාලබේ නෑ

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ශරීරයේ කොටස් තිබූ බවට සඳහනක් නොමැති බව මාලබේ සයිටම් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එමගින් පෙන්වා දෙන්නේ තමන් සතුව තිබූ මිනිස් අස්ථි කොටස් අධ්‍යාපනික අරමුණු සඳහා ළඟ තබා ගත් ඒවා බවයි.

නාමල් FCIDයෙන් මිලියන 200ක් ඉල්ලයි

කිසිදු නීතිමය පදනමක් නොමැතිව දේශපාලන බලපෑම මත තමා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඇති වූ මානසික හා ශාරීරික පීඩාවට වන්දි වශයෙන් රුපියල් මිලියන 100 බැගින් අය කර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ නඩු 2ක් ඊයේ (10දා) ගොනු කර තිබේ.

මාලනී ෆොන්සේකාට බයිපාස් සැත්කමක්

පුතාට නිදි පෙති දි මව අනියමි සැමියා එක්ක

තම මව ළඟ ජීවත් වන බාල මල්ලිට මව දිනපතාම රාත‍්‍රියේ නිදි පෙති දි අනියමි සැමියකු නිවසට ගෙන්වා ගන්නා බව පවසමින් සහ නිදි පෙති දීම නිසා මල්ලි අසීමිත ලෙස මත්වීමට පත්ව ඇතැයි පවසමින් සාමනේර හිමිනමක් පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තම දෙවැනි මල්ලි සමග පැමිණ කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිළධාරි කේ. කේ. කීර්තිරත්න වෙත මෙම පැමිණිල්ල කර තිබෙනවා.

දුමින්දට කහ උණ - සති දෙකක් තිස්සේ රෝහලේ

මරණ දඩුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා කහ උණ වැළදීම හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේවන විට ඔහු වෛද්‍ය නිර්දේශ මත රෝහල් වාට්ටුවක රඳවා ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණ කළේය.