මාලනී ෆොන්සේකාට බයිපාස් සැත්කමක්


නිළි රැජන විරුදාවලිය ලත් අග්‍රගණ්‍ය නිළි මාලනී ෆොන්සේකා බයිපාස් හෘද සැත්කමකට ලක්ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින්නීය.

ඇයට සුවය ප්‍රාර්ථනා කිරීම සඳහා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී අද සවස 6ට පැවැත්වෙන බෝධි පූජා පින්කමට සහභාගි වන ලෙස කලාකරුවන්ගෙන්, හිතවතුන්ගෙන් සහ රසිකයන්ගෙන් පවුලේ ඥාතීහු ඉල්ලා සිටිති.