පුතාට නිදි පෙති දි මව අනියමි සැමියා එක්ක

තම මව ළඟ ජීවත් වන බාල මල්ලිට මව දිනපතාම රාත‍්‍රියේ නිදි පෙති දි අනියමි සැමියකු නිවසට ගෙන්වා ගන්නා බව පවසමින් සහ නිදි පෙති දීම නිසා මල්ලි අසීමිත ලෙස මත්වීමට පත්ව ඇතැයි පවසමින් සාමනේර හිමිනමක් පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

තම දෙවැනි මල්ලි සමග පැමිණ කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිළධාරි කේ. කේ. කීර්තිරත්න වෙත මෙම පැමිණිල්ල කර තිබෙනවා.

එකළොස් හැවිරිදි බාල මල්ලි වෙනුවෙන් පියා මාසිකව රුපියල් පන්දහස බැගින් නඩත්තු ගෙවන නමුත් එම මුදල් මල්ලිගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හෝ මල්ලිගේ වෙනත් කිසිඳු කටයුත්තකට නොයොදවන බවද පැමිණිල්ලේ දක්වා තිබෙනවා.

බාල මල්ලි මව නිවසේ තබා ගෙන සිටින්නේ නඩත්තු ලබා ගැනිමේ අරමුණින් මිස ඔහුට ඇති සෙනහසක් නිසා නොවන බවද පැමිණිලි කර ඇති සාමනේර හිමියන්, මල්ලිගේ ජීවිතය අනාරක්ෂිත බව පෙන්වා දී තිබෙනවා.

කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිළධාරි කේ. කේ. කීර්තිරත්න සිදු කළ වැඩි දුර කරුණු විමසීමකදී එම දරුවා සඳහන් කර ඇත්තේ මව විසින් තමාට විවිධ වසහිංසා පමුණුවන බවත් දිනපතා බෙහෙත් පෙත්තක් බීමට ලබා දෙන බවයි. සිද්ධිය වැඩි දුර විමර්ශනය සඳහා කැබිතිගොල්ලෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයට යොමු කර තිබෙනවා. ඒ අනුව 34 හැවිරිදි අදාළ කාන්තාව පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ වන විට අදාළ බාල සහෝදරයාව සාමනේර හිමියන් වැඩ වසන පන්සලට රැගෙන යාමට පොලිසිය අවසර දී තිබෙනවා.