කෙල්ලට කැත වැඩක් කරපු චූන්පාන් මල්ලි

14 හැවිරිදි දැරියක් රවටා රැගෙන ගොස් දිනක් රඳවාගෙන සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ 18 හැවිරිදි චූන්පාන් වෙළෙන්දකු මෙම මස 10දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් සිරි පෙරේරා මහතා පසුගිය 3දා නියෝග කළේය.

බේරුවල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරිය පාසල් යන අතරතුර ඇයට පාන් - බනිස් දී මිතුරු වී දින 14ක ප්‍රේමයකින් පසු ඇය රවටා රැගෙන ගොස් දිනක් පෙම් සුව විඳි බේරුවල ප්‍රදේශයේම සැකකාර තරුණයකු මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූ අතර අතවරයට පත් දැරිය රෝහල් ගතකර ඇත.

දැරිය නරුමයකුට ගොදුරු වෙලා

කොටුවේ වැඩ කරන පියාට තේ රැගෙන යෑමට නිවෙසට පැමිණෙමින් සිටි 9 හැවිරිදි දැරියක් අසල වැසිකිළියකට රැගෙන ගොස් දූෂණය කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයකු වලපනේ දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් එස්.එල්.එම්. විජේසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කොට ඇත.

බොරු විවාහ පොරොන්දු දී ලක්‍ෂ ගණනකට විදියි

මනාලයෙක් සොයා ගැනීම සඳහා අන්තර්ජාලයේ විවාහ යෝජනාවක පළ කළ මහරගම අධිකරණ බල ප්‍රදේශයේ ගුරුවරියකට බොරු විවාහ පොරොන්දුවක් ලබාදී ඇය සතු රුපියල් ලක්‍ෂ හතරක පමණ මුදලක් වංචා සහගතව ලබාගෙන සැඟවී සිටින හොර ඉන්ජිනේරුවකු අත්අඩංගුට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බව මහරගම පොලිසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම ගුරුවරියට මනාලයෙක් සොයා ගැනීම සඳහා පසුගිය දිනක ඇය අන්තර්ජාලයේ විවාහ යෝජනාවක් පළ කර ඇති බවත් එම දැන්වීම දුටු සැකකරු තමා ඉන්ජිනේරුවකු බව පවසා ඇයව විවාහ කර ගැනීමට පොරොන්දුවක් ලබාදී ඇති බවත්ය.

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මේ වන විට එම ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ. www.doenets.lk වෙඩ් අඩවිය තුළින් එම ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඇමරිකා ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය අද සිට

ඇමරිකානු පුරවැසිභාවය හිමිවන ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය ( Green card lottery ) සඳහා ඉල්ලුම් කිරීම අද (04) උදෑසන ආරම්භ වුනා.

ග්‍රීන් කාර්ඩ් ලොතරැයියට ඉල්ලුම් කිරීම අද උදෑසන ආරම්භ වුනේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකින් අනතුරුවයි.

අද සිට නොවැම්බර් මස 07වනදා ග්‍රිනිච් වේලාවෙන් සවස 05 දක්වා මෙම ලොතරයියට අයදුම් කිරීමේ අවස්ථාව හිමිවනවා.