සියලු වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විදුලි සංදේශ කොමිසම සමග පසුගිය සතියේදී පැවති විශේෂ සාකච්ඡාවකදී සියලු වෙබ් අඩවි කොමිසමේ ලියාපදිංචි වීම පිළිබඳ සාකච්ඡා කර ඇත.
දැනට පවත්වාගෙන යන වෙබ් අඩවි ප්‍රමාණය ගණන් කළ නොහැකි තරම්ය. ආයතන, අමාත්‍යාංශ, පෞද්ගලික ආයතන ඇතුළු පෞද්ගලික මට්ටමේ වෙබ් අඩවි දස දහස් ගණනක් දැනට පවත්වා ගෙන යයි.




